කුරුලු කූඩුවක් විචාරය
 

කුරුලු කුඩුවක් නම් පද්‍ය පංතිය තුළින් එච්. ඇම්. කුඩලිගම මහතා කුරුලු ජිව්යේ සුන්දරත්වය නිරූපණය කිරීම සඳහා උත්සහගෙන ඇත. ස්වභාවසෞන්දර්යේ යම් යම් වස්තු උයෝග් කර ගනිම්න් සිවුපද අකෘතියක් ඔස්‌සේ පැදිපෙළ අරම්භ කරන කවියා කුරුලු කුඩුව වන ලැහැබක ඇති බව පවසයි.


නොපොවන පරිදි මිනිසේකුගේ පියවි     ඇස
ලැහබෙහි කුඩා පඳුරක අතු රිකිලි           හිස
ඇය බැඳි කැදැලලෙහි සැඟවුන මිහිරි       රස
වැටහෙයි මටත් ගත හැකි නම් කුරුලු      වෙස


මිනිස් ඇසට දක්නටනොලැබෙන අතු රිකිලි හිස් මත කිරිල්ලිය කූඩුව තනා ඇතතේ සතුරනගෙන් ආරකෂා කිරීමට නොව  මිනිසුන් ගෙන් තම දරුපවුල රැක ගැනිමට බව කවියා පෙන්වාදෙයි .
 
 කුරුලු ජිවියේ ඇති රසාස්වාදය ඉතා උසස් එකක් බවපෙන් වීමට කවියා උත්සහා ගෙන ඇත්තේ තමා  ද කුරුලු වේශයක් ගැනමෙන් එය අවබෝධ වන බව දැක්වීමෙනි. කුරුලු කූඩුව නිර්මාණය කර ඇත්තේ දිය පෙදපාසි වැනි දෑ වලිනි. ඒ නිසා අමුකොළ වල පැහැයත් කුරුලු කුඩූවේ පැහැයත් වෙනස් නො වේ .මසේ කූඩුව නිර්මාණය කර ඇත්තේ කූරුලු කූඩුවක් යැයි පැහැදිලිව දැන ගැනිමට හැකි වුව හොත් මිනිසා විසින් එය විනාස කරතියි  සිතු නිසා බව කවියා දක්වයි. මින් ම්නිස් සමාජය  තුළ ඇති  කෲරතර හැඟිම් පරිසරයේ සුන්දරත්වය විනාශ කිරීමට හේතු වන බව කවියා වක්‍ර මාර්ගයෙන් දක්වයි.


“පිනිබර කැකුළු මල්පොකුරෙකි දෙර  පියන“ 


කුරුලු කූඩුවට ඇතුළු වීම සඳහා දොරක් ඇත. එහි  අභියසට වී කුරුලු පැටව් බලා සිටී. ඒ කිරිල්ලි කෑම රුගෙන එන තුරුය . කවියාමේ අවස්ථාව පරිසයේ දක්කට ලබෙන කැකුළු මල් පොකුරක් ලෙස දක්වන්නේ  ඊට ම උච්ත රෑපණයක් මඟිනි.


හිරිකඩ වැහි සුළං ආදියෙන් පැටවුන්ට කරදරයක් නොවන ලෙස පියකරු ආකාරයෙන් කූඩුව තනා ඇත. කවියාද උත්සහා ගත්තේ  එබදු ගෙයක් තැනීමට ඉඩක් සොයා ගැනීමට ය. ඒ කුමක් නිසා ද ? මිනිස් සමාජය තුල කෙතරම් අලංකාර ලෙස  ගෙයක්  තැනුවමුත්  එහි සුන්දරත්වයක් නැත. මිනිසා තුල ඇති  කෲරතර ගැඟීම් හා අසමඟිය නිසා ඒ සියල්ල ගිලිහි ඇත. කුරුලු සමාජය දුෂීත වූවක් නො වේ. ඒ බදු  වටපිටාවක ගෙයක්  තැනීමට කවියා සිතන්නේ සුන්දර පරිසරයක ජීවත් වීමට තමා තුළ ඇති අශාව නිසයි. මිනිසා තුළ නොමැති  නිදහසක් තුරුලු ලොවේ ඇත. 


වන දෙව්ලාවේ පදුරක අතු පතර          බැදි                      
සුරතල් කැදැල්ලක   නිදහස් රසය          විදි
        
ස්වභායෙන් උරුම වූ සැප සමිපත් කුරුලුලොවේ නොවඩුව ලැබෙනු ඇත. එය වලක්වා ලීමට  කිසිවකු නොවන බව පෙන්වා දෙන කවියා  මිනිසා සමාජයේ ඇති අනිකාගේ සැප සම්පත් නො ඉවසන ස්වභාවය උපහාසයෙන් යුතුව මතුකර දක්වන්නේ මේසේය. 


 

උරුමය අනුව ඔවුනට මහ පොලව         මත 
හැම සැප පහසුවම නොවඩුව ලැබෙනු    ඇත
එය තව එකෙකු  උදුරන්නට දරන        තැන
මේ කිසි තැනක කිසිවක් හට පුරුදු        නැත            

කුරුලු ජිවියේ සුන්දරත්වයට වශි කෘත වූ කවියා කෙනේකුට  පහසුවේන් නොපෙනේන වෙසක් ගෙන කැදැල්ලේ උනු සුම ලබා ගැනිමට ආයාචනය කරයි. 


නොපෙනේන වෙසක් ගෙන එන්නට කැදලි     කොනේ
මට එක පැයක් උනුසුම දිය හැකි ද                අනේ 
                                     
මිනිස් සාමාජයේ දුර්වල කමි වලින් හෙම්බත් වී සිටින කවියා කුරුලු කූඩුවේ උණුසුම පතන්නේ සුන්දරත්වයෙන් හා මානසික සවේන් පිරුණු එකක් වීම නිසයී. මිනිසාගේ පවුල්  ඒකකයේ ඇති අඩ දබර  කුරුලු පවූලේ දක්නට නැත. පියාගේ යුතු කම අඹුදරුවන් පොෂණය කිරීමයි. ඒ සඳහා වෙහෙසි නිවස කරා පැමිනේන ස්වාමීයා ආදරයේන් පිලි ගැනිම බිරිද සතු යුතු කමයි මිනිසාට කුරුලු  ජිවිතයෙන් උපදෙසක්  ලබා දෙම්න් අඹුසැමියන් ලෙස  කුරුලු පවුල  සතුට්න් ජිවත්වන ආකාරය කවියා මෙසේ දක්වයි.


ගොදුරක් සොයාගෙන  පවුල බර       දන්නා 
පිය මහ කුරුල්ලා ඉගිලි දිව             එන්නා
පිය මඟ ගමන් ගොස් සිය හිමි පිලි     ගන්නා
සුරතල් කිරිල්ලිය සංගීතය               දුන්නා 


සමස්ථයක් ලෙස  ගත් කල කුරුලු කූඩුවක් පද්‍ය පංතිය නිර්මාණය කිරීමේ දි සරල බස් වහරක් උපයොගි කරගෙන ඇති අතර කුරුලු ජිවිතයේ ඇති සුන්දරත්වය සමඟිය සතුට කියා පාමින් මිනිස් සාමාජයට  ආදර්ශයක් ලබා දීමට කවියා උත්සහ ගෙන ඇති බව විම්ර්ෂණය කිරීමෙන් ෙපනී යන්නේකි.


ජාතක කතා යනු මොණවාද?


සිදුහත් බෝසතාණෝ බුදුබව ලැබීමෙන් පසු යමි යමි හේතු සාදක මත නිදර්ශණ වශයේන් ඉදිදිපත් කල  කථා වස්තු ජතක කාතාලෙස සැලකේ .මේ කතා බුදුන් දවස ඉදිරිපත් කරන ලද නමුත් ඊට පෙර බෝධ්සත්ව ආත්ම වලදී කල කිවු දෑ විස්තර කරමින් වර්තමාන සිදු වීමක් තහවුරු කරමින් ඉදිරිපත් කරන ලද ඒවාය. ඒ නිසා ජාතක කතා වර්ථමාණ කතාව, අතිත කතාව යනුවෙන් කොටස් දෙකකින් සමන් විත වී ඇත. 


සිංහල ගඳ්‍ය  සාහිත්‍ය ප්‍රමාණයෙන් ඉතා විශාලම පොත ජතක පොතයි. එය පාලි ජාතකට්ඨ කතාව සිංහලයට නැගිමෙන් සකසන ලද්දකි. බුද්ධක නිකායේ පොත් (15) අතරින් ජාතක පොත 04 වැන්නට අයත් වේයි. නවාංග ශාස්ත්‍ර ශාසනයේ 07 වැනි අංකය වශයෙන්  ජතක කතා ගණන් ගැනේ .මේ නිසා ජාතක කතා බුදුදහම සමඟ සමිප සම්බන්ධතාවයක් පවති. විශ්ව සාහිත්‍යයට අයත් ඊසොප් ගේ උපමා කතා, දේව කතා පංචතන්ත්‍රය , හිතෝදේශකය වැනි ග්‍රන්ත  සමඟ සසදන විට ජාතක කතා ද උපදේශ සාහිත්‍යයට අයත්වේ. ත්‍රිපිටකය පවත්වගෙන ආ. ආකාරයට ම ඡාතක කතාද මුලදී මුඛ පරම්පරවෙන් පවත්වගෙන ආ බවට සාධක ඇත. පපඥචසුදනි අටුවාවට අනුව බුදුන් දවස ඡාතක කතා වනපොත් කළ භික්ෂුන් සිටි බව පෙනේ. සම්මෝහ විනෝදනී නම් වු විභංගථිඨ කතාවේ ඡාතක භාණක භික්ෂුන් ගැන සදහන් වේ.


ලංකාවේ රුහුණු ඡනපදයේ තුලාබර විහාරයේ සිටි ඡතක භාණක භික්ෂුවක ගෙන් ඉලනාග රඡි කපි ඡාතකය ශ්‍රවණය කර ඇත.මේ සාධක මත ඡාතක කතා මුලදී කට පාඩමින් පවත්වා  ගෙන ආ බව සිතිය හැක. ඡාතක කතා එකතුව පන්සිය පනස් ඡාතක පොත යනුවෙන් හදුන්වනු ලබයි. ඒ අනුව කතා550 තිබිය යුතු වුවත් දැනට දක්නට ලැබෙන්නේ කතා 447ක් පමණී. එහෙත් ටිබෙට්  රටේ කතා 565ක් ද සියම් රටේ කතා 550ක් ද දක්නට ලැබේ.      

  ජාතක කතා බෞද්ධයින් අතර ඉතා ඡනප්‍රිය වු කතා වීම විශේෂය. එදිනෙදා ඡිවිතයේ දී ඡාතක කතා යොදාගත් බව පෙනේ. නාලන්දාවේ පැරණි ස්ථුපවල ඡාතක කතා විනයට නගා ඇත. ලංකාවේ රුවන්වැලි සෑයේ ඇතුළු ගර්භයේ ඡාතක කතා නිර්මාණය කර ඇති බව මහාවංශයේ දැක්වේ. අඡන්තා සිතුවම් වල ද ඡාතක කතා නිර්මාණය කර ඇත. අභයගිරියේ දළදා උත්සවයේදී පාහියන් භික්ෂුවට ඡාතක කතා 500ක් දක්නට ලැබෙනු බව සදහන් වේ. මිහිදු හිමියන් ගේ පැමිණීමෙන් පසු ලාංකික බෞද්ධයන් අතර විශෙෂයෙන් ඡනප්‍රියත්වයට පත් වුයේ ඡාතක කතා ය. ඊට හේතු කිහිපයකි. කතා පොතක් වීමත්. පොදුවේ රසාස්වාදය ලැබීය හැකී වීමත්. ධර්ම විනය උගත හැකි වීමත්. ඒ කරුනු ය. සිංහල  පොත් පත් ලියු ලේඛකයන් ඡාතක කතා ගුරු කොට ගනිමින් විවිධ නිර්මාණ බිහි කළ හ. මුවදෙව්දාවක. සසදාවත. කව්සිළුමිණ වැනි ග්‍රන්ථ බිහි වුයේ ඡාතක කතා පාදක කරගෙනය. ඡාතක කතා  බෞද්ධයින් අතර  කෙතරම් ඡනපිය වුවේ ද යත් ඡාතක පොත් වහන්සේ යන නාමයෙන් පියුම් ලැබීමට ඡාතක පොත සමත් විය.                             

(c) Shilpa Sayura Foundation 2006-2017