බයිසිකලය විචාරය
 

ගුණදාස අමරසේකරයන් ගේ රතු රෝස මල නම් කෙට්කතා සංග්‍රහයේ එන්නකි. බයිසිකලය. මෙහි මුලික පරමාර්ථය වි ඇත්තේ කිසි යමි ආශාවක් මුදුන්පත් කරගැනිමට ගන්නා උත්සාහයත් එය ඉටු විමෙන් ලබන සතුටත් එය විනාශ වීමෙන් ඇති වන මානසික අසහනයත් විග්‍රහ කිරීමයි .


මේ පරමාර්ථය ඉටු කරගැනීම සදහා සියදෝරිස් නම් ග්‍රාමිය කම්කරුවෙක් ක්‍රීයාකරන ආකාරය උපයෝගී කරගෙන ඇත. සීයදෝරීස් ඡීවත් වුයේ රබර් වත්තක වැඩ කිරීමෙනි. මැටි ගසා සකස් කරන ලද අඩු ආලෝකයක් ලැබෙන ඹහු ගේ ගෙය කුඩා එකකී. එය කන්දක් පාමුල පිහිටියෙකි. සියදෝරිස් අනුන්ට මෙහේකාරකම්  කිරීමෙන් දිවි ගෙවු දුප්පත් අයෙක් බව ඹහුගේ ගේය පිළිබදව දක්වා ඇති විස්තරයෙන් පෙනේ.


අනුන් යටතේ නිරන්තරයෙන් වැඩ කරන්නෙක් නිසා සියදෝරිස් ගෙදරින් පිටදි නෝන්ඡලයෙකු ලෙස ක්‍රියා කළේ ය. ඹහුට වඩා උසස් අය සමග කතා කරන විට බිය ගතියක් හා බැගෑපත් ස්වරෑපයක් දැක්වීම සියදෝරීස් ග්‍රාමීය පුද්ගලයෙක් බව පෙන්නුම් කරන්නකි.

සියදෝරීස් ගේ සිත තුළ දිගු කලක සිට බලපැවැත් වු ආශාවකි බයිසිකලයක් ගැනිම. පවතින ආර්ථික පීඩනයත් සමග එය දිනෙන් දින අතීතයට ගලා ගිය නමුදු ඒ සදහා කිසියම මුදලක් එකතු කිරිම ඔහු විසින් කරන ලදදේ කිසවෙකුටත්  නොදැනෙන ලෙසය. ඔහු කරන රැකියාවලින් විදින පීඩනය අඩු කරගැනීමට බයිසිකලය අත්යවශ්යතාව නිතර සිහිපත් කරන සිදෝරිස් ගේ මානසික  උතතේඡනය ඒ පිළිබද කෙතෙක් දුරට බලපෑවෙ ද යන්න දැකවෙන නිදසුන්වලින් පෙනේ. ගේ ඉදිරිපිට පොල් කද උඩ වී කුඩා දරුවා සුරතල් කරන්නේ ද බයිසිකලය පිළිබද ඔහු ඔහු ගේ සිතට ගලා එන අදහස් වලිනි.      


අන්න බලන්න බයිසිකල රෝද කරකවෙන හැටි. ආන්න රෑන් ගාල වංගුව කැපුවා  ඔන්න දැන් ඒවි රෑං ගාල කඩෙ ගාවට.
අර බලන්න පුතා තාත්තටත් එ වගේ බයිසිකලයක් ඇත්නම් පුතා වාඩි කරවගෙන රෑං කියල යනව නේ.  
කුඩා දරැවා සමග සියදෝරිස් කරන මෙ කතා බහෙත් බයිසිකලයක් පිළිබද ඔහු ගේ සිතේ පවතින දැඩි අපේක්ෂාව පෙන්නුම්‍ කරයි.



සියදෝරිස් බයිසිකලයක් ගැනීම හා එහි ගමන් කිරිම පිළිබද නිතර සිතීම නිසා එය ඔහුට මානසික වදයක් වු බව පෙනේ. එහෙත් එය ඉටු කරගැනීමට ඔහුට ආර්ථික ශක්තියක් නැත. යමෙක් යම් දෙයක් පිළිබද දැඩිව සිතන්නේ නම් එය උපඥානයේ තැන්පත් ව මානසික පීඩනයක් ඇතිවෙයි. එය සිහිනයක් මගින් ඉටු කර දීමෙන් සිත සැහැල්ලුවට පත් කරවන බව සුප්‍රකට මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් පවසා ඇත.

ඒ අනුව සියදෝරීස් ගේ බලාපොරොත්තුව සිහිනයක් මගින් සන්තර්පනය කරන අයුරැ කතුවරයා මෙසේ දක්වයි දන්නවද මම ඊයේ හීනෙන් දැක්ක බයිසිකලයකින් යනව. ඒක හොද අගේ ඇති අලුත් බයිසිකලයක්. සෙම් කෝපයක් නිසා පෙනෙන සිහිනයක් යැයි ඔහු ගේ බිරිද එය නොසලකා හැරිම නිසා ඊට පෙර ද හීනෙන් බයිසිකලයක් දුටු බව සියදෝරීස් කියයි. එක නෙවෙයි මට බයිසිකලයක් ලැබෙන්න වෙන්න ඇති. මං දැනට මාසෙකට විතර ඉස්සෙල්ලත් හීනෙන් දැක්ක.


මේ සිදු වීමි තුළින් කෙටිකතාකරුවා උත්සාහ ගෙන ඇත්තේ සියදෝරීස් බයිසිකලය ගැනීම පිළිබද දක්වන ආශාව හා ඒ පිළිබද ඇතී බලපොරොත්තුව උච්චතම අන්දම්න් විග්‍රහ කොට දැක්විමයි. මේ බලාපොරොත්තුව ඉටු කරගැනීමට සියදෝරිස්ට කලයක් ගතවෙයි. ඔහු අවුරුදු දෙක තුනක සිට කිසිවෙකුට නොදැනෙන ලෙස සිකරුට් ටින් එකක ශත පනහ. රුපියල් දමා එකතු කළ මුදල් ගණන් බලයි. එහි ඇත්තේ රුපියල් දහයක්වත් බයිසිකලය ගැනීමට අවශ්‍ය බව ඔහු සිතයි. ඒ සදහා මාස කීපයක් පසුව රබර් මිල ඉහල යාමේ ප්‍රතිඵලයක් වශයෙන් පඩියත් සමග වැඩිපුර රුපියල් දහයක් ඔහුට ලැබෙයි. ඔහු ගේ බලාපොරොත්තුව ඉටු  කරගැනීමට තිබු ප්‍රධාන බාධකය මින් ඉවත් ව යයි. ඉන් ඔහු ගේ සිතට නැගෙන්නේ අසීමිත ප්‍රීතියක්.   

තම බලාපොරොත්තුව ඉටු කරගැනීමේ අවසාන අවස්‌ථාවට පැමිණ සිටින සියදෝරිස් කඩයෙහි දි හමු වන යමෙක් සමග බයිසිකල් පිළිබද තමා නොදන්නා තොරතුරු  ලබා ගන්නේ කිසිවෙකුටත් තමා බයිසිකලයක් ගැනීමට යන්නේ ය යි නොහැගෙන පරිදි ය.

’’හෙට ලෙල්වලට යන්න බස් එකක් කීයට ද?’’ ඔහු කඩයෙහි වු කිසිවෙකු ගෙන් ඇසුවේ ය.

"මහත්තයා හැබෑට ම රැලේ ද හොද ම බයිසිකල් ඡාතිය." "ඔව්."

 

මින් ඔහු ගේ සිත ප්‍රීතියෙන් ඉපිලෙන්නට වුයේ ගමේ වැඩි දෙනෙකුට රැලේ බයිසිකල් පිළිබද තමා නොදන්නා තොරතුරු ලබා ගන්නේ කිසිවෙකුටත් තමා බයිසිකලයක් ගැනීමට යන්නේ  ය යි නොහැගෙන පරිදි ය.

 

“හෙට උදෙන් ම කුද්දන්න ඕනෑ. මට ලෙල්වලට යන්න තියනව.”

“මක්කටදැයි” මදක් නිශ්ශබ්ද ව සිටි බිරිද ඇසුවා ය. “ලොකු උවමනාවකට……”

ඔහු ලෙල්වලට ගොස් බයිසිකලයක් රැගෙන එනු දුටු බිරිද පුදුමයට පත් වුවා ය.

“මෙයා උදෙන් ම ගියේ බයිසිකලයක් ගේන්නද?. යි “

 

ඔව් මෙන්න උඹටත් හැට්ට රෙද්දක් ගෙනාවා. මේ අවථාවේ සියදෝරිස් ක්‍රියා කරන්නේ තම අභිමතාර්තය ඉටු කර ගැනීමට බාධා කරන බලවේග ජ‍ය ගැනීමට සියුම් කපටි බුද්ධිය ද උපයෝගී කරගනිමින්. ලෙල්වල යන්න ඕනෑ ය යි කියද්දී රුපියල් දහයක් වැඩිපුර ලැබුණේදැ යි බිරිද ඇසු විට  මොන බොරුවක්ද ?. ඒක බොරුවක් යැයි කියන්නේ බිරිද වෙත මොනවා හෝ යමක් ගෙන ඒමට කියාවි යන සැකය නිසයි. එහෙත් ඇය තමාට හැට්ට රෙද්දකුත්. දරුවන්ට ඇදුනුත් නැත බව පවසයි බයිසිකලයක් පමණක් ගෙන ආවා නම් බිරිද ගෙන් ඔහුට දොස් ඇසීමට සිදු වේ. හැට්ට රෙද්දක් ගෙන ඒමෙන් ඒතර්ඡනය මැඩපැවැත්වීමට ඔහුට හැකි විය. ඇතැම් අය ඔහු නෝන්ඡලයෙකු ලෙස සැලකුවද සියදෝරිස්ට කපටි බුද්දියක් ඇති බව මින් පැහැදිලි වේයි.

 

ගෙන එන ලද බයිසිකලය ආරක්ෂා කරගැනීමට සියදෝරිස් සියලු උත්සාහයන් දැරී ය. කාමරය ඇතුලේ එය තාබ ළමයින්ට නො‍දුන්නේ ය. බයිසිකලය විස දැමීම ද ඔහු කළේ පරිස්සමෙනි. එය රැකගැනීම සදහා බිරිදට ද උපදෙස් දෙයි.

"මේක මම හේනට යනකොට කාමරේ දාලා දොර වහල යතුරු දාලයි යන්නේ. ඒකට පුංචි ඈයන්ට කිට්‌ටු වෙන්න දෙන්න එපා. ඒ වාගේම කවුරුවත් ඉල්ලුවොත් යන්නෙ ඕනි ඒක නරක්‌ වෙලා කාමරේ දාලා කියලා."

 

මේ ක්‍රියා මාර්ග තුළින් පැහැදිලි වන්නේ සියදෝරිස්‌ තුළ බයිසිකලය පිළිබඳ කෙතරම් ඇල්මක්‌ තිබුණා ද යන්නයි. බයිසිකලයත් සමඟ සියදෝරිස්‌ ගේ ජීවිතයේ නවෝදයක්‌ ඇති වු බව ලේඛකයා දක්‌වයි. වතුවල වැඩිවීමත් කොරටුවේ කෙසෙල් කැන් කීපයක්‌ ම වැටීමත් ගොයම සාරවත් වීමත් තුළින් එය ධ්වනිත කරයි.

 

කෙතරම් ආශාවෙන් රැකගන්නා යමක්‌ වුවත්, එය විනාශයට පත් වන්නේ නොසිතු නොපැතු ආකාරයට ය. යන බුදු වදන (අවිනිත් තම්පි භවති චින්ති විනස්‌සති) සිහිගන්වමින් සියදෝරිස්‌ගේ බයිසිකලය කුඩුපට්‌ටම් වී යයි. කතුවරයා සංකේතයක්‌ මගින් මතු සිදුවන ඒ ව්‍යවසනය දක්‌වන්නේ මෙසේය.

“කොළ හැළුණු රබර් ගස් පිළු මලානික ගතියකින් යුතු ව අහස දෙසට හැරී ඇත. රබර් ගස්වලට පෝර දමමින් මුළු දවස ම ගෙවන ඔහුට නග්න වු නිලි පැහැති හිස් අහස පසුබිම් කොට නැගී සිටින හැටි පෙනේ.”

රබර් ගස්වල කොළ හැලී පාළු මලානික හිස් අහස දෙසට හැරී ඇති බව කීමෙන් බයිසිකලය විනාශ වීමෙත් සියදෝරිස් ගේ ඡිවිතය ද මලානික හිස් එකක් වන බව සංකේතවත් කරයි.

 

පෝර මිටියකුත් සමග බයිසිකලය පාලම පල්ලට වැටීම නිසා කුඩුපට්ටම් වී ගිය පසු සියදෝරිස් කල්පනා විරහිතව ව්යරැ වැටීමට ආසන්න එකතු ගේ තත්ත්වයට පත් වන්නේ ඒ පිළිබද ව ඔහු තුළ තිබු ආශාව බලාපොරොත්තු සම්පුර්ණයෙන් ම බිදී යාම නිසයි. හිස් අතින් ‍ගෙදරට යන ඔහු කිසිවෙකු සමග කතා නොකරයි. රාත්‍රියේ  නින්ද නොයයි. පසු දා ඇඳිරි වටෙත්ම ඔහුගෙදරින් පිටව යයි.

සමස්ථයක් වශ‍ෙයන් ගත් කළ කතුවරයා දීමට බලපරොත්තු වූ පරමාර්ථය බයිසිකලය කෙටිකතාව තුළින්  ඉටු වී ඇති අතරමෙහි කිසියම් ජීවන දර්ශනයක් ද අන්තර්ගතව ඇති බව  ‍ෙපනේ . යමකුගේ උත්සහාය ඇත්නම් කොතේකුත් බාධක ඇති වුව ද බලපරොත්තුව සඵල කරගැනීමට හැකි බවත් නොසැලකිලිමත්කම නිසා වටිනා දෑ අනියමාර්යේ විනාශ වී යන බවත් ඒ ජීවන දර්ශනයයි.

 

මෙහි භාෂාව සැකසීමේ දී කතුවරයා අවස්ථාව හා පුද්ගල වරිත විදහා දැක්වෙන අයුරින් භාව්තා වචන මලාවක් යොදාගෙන ඇති  බවපනේ .  ග්‍රාමීය පරිසයේ වියවාහාරික භාෂාව ඒ සඳහා යොදගෙන ඇති  “උඔලා මේවා  අල්ලනෙ නැතිව බලගෙන ඉදපල්ලා.”

මෙයට වැඩයෙන් රැපියල් දහයක් හම්භ වුනා කියනනේ.”

“හා! උඹට මො‍කෝ රෑ වුණාට බයිසිකල් එකේන් යන්න බැරියැ”.
“මෙකට සෑහෙන ගණනක් ගියා.”
තොට මේකේ අගය තේරෙන්නේ නැහැ .”





(c) Shilpa Sayura Foundation 2006-2017