ගැමි ජීවන වෘත්තියක් වන පන් නෙලීම ආශ්‍රිතව නිර්මාණය වූ ගායනා හා නර්තන අංගයන් ය. පැදුරු වියීමට මෙන්ම පන් ආශ්‍රිත නිර්මණ කිරීමට පන් නෙලීම කරනු ලබයි.
පන් නෙලීමේ කවි ( මැදුම් තනි තිත )
ලය - මධ්‍ය ලය
ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට
මූණ පුරා තෙල් ගාගෙන යන කලට
මාන බලති මිනුවන් පන් නෙළන කොට
නැනෝ නුඹත් එනවද පන් නෙලන්නට
ලය - විලම්බ ලය
කොතන විලේදෝ එපන් තියෙන්නේ
නාගර පන් විල එපන් තියෙන්නේ
එපන් ගෙනෙන්නට කවුදැයි එන්නේ
අඟනෝ එකතුව එතැනට යන්නේ
ලය - දෘත ලය
අතුරා මදුවැල් පොටක් ගනිල්ලා
උදුරා ගත් පන් මිටි බැදපල්ලා
නිතරා යන එන මගට බසිල්ලා
නුදුරා අඳුරට කලින් යමල්ලා
ලය - විලම්බ ලය
වැද දෙවියන් අපි පන් උදුරන සඳ
සඳ දෙවියන් සේ දැනුනා හිරු තද
තද නැති මදපමනට මේරූ කඳ
කඳ උස පන් මිස මිටි කෙටි මොකටද
පන් නෙලීමේ කවි ( මැදුම් තනි තිත )
ලය - මධ්‍ය ලය
ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට
මූණ පුරා තෙල් ගාගෙන යන කලට
මාන බලති මිනුවන් පන් නෙළන කොට
නැනෝ නුඹත් එනවද පන් නෙලන්නට
ලය - විලම්බ ලය
කොතන විලේදෝ එපන් තියෙන්නේ
නාගර පන් විල එපන් තියෙන්නේ
එපන් ගෙනෙන්නට කවුදැයි එන්නේ
අඟනෝ එකතුව එතැනට යන්නේ
ලය - දෘත ලය
අතුරා මදුවැල් පොටක් ගනිල්ලා
උදුරා ගත් පන් මිටි බැදපල්ලා
නිතරා යන එන මගට බසිල්ලා
නුදුරා අඳුරට කලින් යමල්ලා
ලය - විලම්බ ලය
වැද දෙවියන් අපි පන් උදුරන සඳ
සඳ දෙවියන් සේ දැනුනා හිරු තද
තද නැති මදපමනට මේරූ කඳ
කඳ උස පන් මිස මිටි කෙටි මොකටද