රංග රටා නිර්මාණය
 

අප නිර්මාණය කරගත් චලනයන් යම්කිසි රංග රටාවක්‌ අනුව පෙල ගැස්‌විය යුතුය. මෙහිදි අපගේ පලමු චලනය වන පන් නෙළීමට යෑම, වේදිකාව දෙපසින් කණ්‌ඩායම් දෙකක්‌ හෝ වේදිකාවේ එක්‌ පැත්තකින් පේලි දෙකක්‌ වශයෙන් වේදීකාව මතට පැමිණිය හැකිය.
 
 
 
 මෙම ගමන් කරන චලනයට නිශ්චිත වාර ගණනක්‌ තබා ගත යුතුය. එක්‌ කවියක්‌ එක්‌ චලනයක්‌ සඳහා යොදා ගැනීම පහසුය.
 
 පංවිලට බැසීමේ අවස්‌තාවද පේළි දෙකකට කළ හැකිය. 
 
 
 
 පන් නෙලීමේ අවස්‌තාව හා මිටි බැදීම, විව්ධ මෝස්‌තර හා රටා භාවිත කිරීමෙන් චලන දැක්‌වීමේ හැකියාව ඇත. මේ සඳහා වෘත්තාකාර, අර්ධ කවාකාර, ඇළ ඉර වැනි කවර හෝ මෝස්‌තරයක්‌ අපට භාවිතා කළ හැකිය. 
 
 
 
 මිට බැඳ රැගෙන යාමද කණ්‌ඩායම් දෙකක්‌ දෙපසට හෝ එක්‌ පැත්තකට යාමෙන් කල හැකිය.
 
 මෙම රංග රටා භාවිත කිරීමේදී ඔබ රංග උපකරණ හැසිරවීම හා අවකාශය භාවිතා කරන අයුරු ගැන මැනවින් සැලකිලිමත් විය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017