කිනම් හෝ නැටුමක් නිර්මාණකරණයේදී අප කලයුතු මූලික කටයුත්ත වන්නේ එම කාර්යට අදාල තේමාව මැනවින් හඳුනාගැනීමයි.මෙහිදි කලින් පාඩමේදී පැහැදිලි කරගත් පන් නෙළුමේ විවිධ අවස්තා සැලකිල්ලට ගනිමින් ඒ ඒ අවස්තා හඳුනා ගැනිම කල යුතුය.
1. පන් නෙලුමට යන කාන්තාවන් හා සැරසීම
2. පන් විලට බැසීම
3. පන් නෙලීම
4. මිටි බැදීම
5. හිස මතින් එම මිටි රැගෙන ඒම.
දැන් මේ එක් එක් අවස්තාවට උචිත චලන නිර්මාණය කල යුතුවේ.ඔබේ පන්තියේ සිටින අන් අය සමග කණ්ඩායම් පහකට බෙදෙන්න. ඉහත අවස්තාවන් පහෙන් එකක් එක් කණ්ඩායමක් විසින් චලන නිර්මාණය කල යුතුය. එක් එක් කණ්ඩායමේ චලන අනෙක් කණ්ඩායම් විසින් ඉගෙන ගත යුතු අතර එසේ උගත් චලන අනු පිලිවෙලට දැක්වීමෙන් සම්පූර්ණ නැටුම ගලා යයි.
මෙහි චලන නිර්මාණය කිරීමේදී කවර චලනයන් භාවිත කරන්නේද යන්න හදුනාගත යුතුය. මෙම චලන කණ්ඩායමේ සියල්ලන්ටම පාහේ පහසුවෙන් රඟ දැක්විය හැකි පහසු චලන වීම සාර්ථක නිර්මාණයක් කිරීමට පසුබිම වේ. එම චලන තාලානුකූල චලනයන් විය යුතුය. වඩාත් උචිත වන්නේ පන් නෙළීමේ කවි වල තාලයට අදාල වන චලන භාවිතා කිරීමයි. එකම චලනය කවිය පුරා 4 වරක් හෝ 8 වරක් කල හැකිය.