මෙය සිරිලක ප්‍රකට ජන නැටුමකි. හෙළ ජනයාගේ ප්‍රධාන ජීවන උපාය මාර්ගය වන කෘෂිකාර්මික කටයුතුවලදී ප්‍රයෝජනයට ගන්නා භාණ්‌ඩ අතර මාගල්, පැදුරු, මලු, ආදිය සකස් කරගැනීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍යකි පන් කොළ. ජලාශ්‍රිතව වැඩෙන මේ පන් නෙලීම සඳහා " පන් කැත්ත " නමින් හදුන්වන විශේෂ දෑකැත්තක් භාවිතා කරනු ලබයි.
මේ පන් නෙලුම කරන අඟනෝ හිරු රශ්මියෙන් තම මුහුණ ආරක්‍ෂා කරගැනීම සඳහා තෙල්වර්ග ආලේප කරගනිති. පන් නෙලා ගැනීමෙන් පසු ඒවා මිටි බැඳ හිස මත තබාගෙන රැගෙන එති.
මෙම පන් නෙලීමේ කාර්යය බොහෝ විට කාන්තා පාර්ශවය මගින් කරන කටයුත්තක් බැවින් පන් නෙලීමේ නැටුමද කාන්තාවන්ට වඩාත් සුදුසු ගැමි නැටුමකි.