හැදින්වීම
 

ගැමි නැටුමක්‌ යනු ඉතා සරළ චලයන් ගෙන් යුක්‌ත වූ සමූහ නැටුම් විශේෂයකි. ගැමි නැටූමේ ප්‍රධාන ලක්‍ෂණයක්‌ වන්නේ අදාල උපකරණයක්‌ අතින් ගෙන, එම ගැමි නැටුම හා සම්බන්ධ කවි ගීත ගායනා කරමින් ඉදිරිපත් කිරීමයි. ගැමි නැටුමක්‌ වූ සම්ප්‍රදායන් තුනටම පොදු වූ නර්තන විශේෂයකි. තමා උගත් සම්ප්‍රාදායේ සරඹයන් හෝ නිදහස්‌ චලන භාවිතා කිරීමේ සම්පූර්ණ නිදහස ගැමි නැටුම සතුවේ. ගැමි නැටුමක්‌ නිර්මාණය කිරීම සඳහා අපි මෙම පාඩමේදී පන් නෙළීමේ ගැමි නැටුම භාවිතා කරමින් නිර්මාණකරණයේ යෙදෙමු.

(c) Shilpa Sayura Foundation 2006-2017