ගෙල පැළදි මාලා දෙකකි. උඩුකයෙහි පුන නුලකි. විවාහයේ සංකේතය සහිත වු ගෙන පළදනාවක්‌ද දක්‌වා ඇත. පැළැඳි පාද ඡාල හා හස්‌ත්‍යභරණ නාරී ලාලිත්‍යය ඔප ගන්වයි. පාර්වතී හින්දු දේව ත්‍රිත්වයට අයත් මහේෂවරගේ දේවිය ලෙස පිළිගැනේ. ශිව දෙවියන්ගේ බිසව වු පාර්වතී දේවිය විවිධ සවර්පයන් හිදි වෙනස් නම්වලින් හැඳින්විම හින්දු සාහිත්‍යයේ දැක්‌වේ. පාර්වතී දේවියගේ යහපත් ස්‌වරූපය මහාදේවි ගෞරි සහ මාතා යන නම්වලින් දැක්‌වේ. පාර්වති දේවියගේ බියකරු බව දුර්ගා කාලි චණඩි යන නම්වලින් හැඳින්වේ. ඇයගේ සොදුරු ගුණය පෙන්වන්නේ සිය සැමියා වු ශිව සමග වාසය කරන රූපත් තරුණියක වශයෙනි. පාර්වති කෘතියේ බියකරු බව පෙන්වන්නේ රත් පැහැති දිවක් සහිතව අත් සමුහයක විවිධ ආයුධ රුගෙන ඉදිරියට නෙරූ දළ දෙකක් සහිත මැහැල්ලක විලාශයකිනි. උදාඃ- පොළොන්නරුවේ ශිව දේවාල අංක 2 ප්‍රතිමාව මදුරාසීයේ තන්ඡෝර් දිස්‌ත්‍රික්‌කයේ මදුරාසි කෞතුකාගාරයේ ඇති පිළිමය.
ස්‌ත්‍රී ලාලිත්‍යය ප්‍රකට කෙරෙන මෙම ප්‍රතිමාව ශිව දේවාල අංක 2 ස්‌ථානයෙන් හමු වු ප්‍රතිමාවකි. ඕ රන්වන් නෙඑම් මලකින් උපත ලැබුවාය. හිමාලයේ විසු රඡකු ළග ඇති දැඩි වුවාය. ඇය පර්වතයේ කුමාරිය නිසා පාර්වතී වුවාය. ශිව කාමසුන්දරී විලාසයෙන් පෙනී සිටින මෙම ප්‍රතිමාව උඩ අගල් 38 කි. මෙහි ස්‌වාභාවික ස්‌ත්‍රි ලක්‍ෂණ අනුව දිග් බෙල්ලක්‌ද පුන් පියවුරුද පිහිටා ඇත.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති තාරා රූපයට පුර්ණ වශයෙන් සමානත්වයක් දක්‌වයි. පාර්වතී ප්‍රතිමාවේ සිහින් ඉග පුඑල් උකුළ පුන් පිරයුරු මනා සේ මතුකෙරෙන පාර්වතී කෘතියේ ඇයගේ ස්‌වාභාවික තාරුණ්‍ය භාවය මතු කරයි. ලෝකඩ මාධ්‍යයෙන් සාදන ලද බොහෝ කෘතිවල දකුණතින් කිසියම් මුද්‍රාවක් පෙන්වමින් වමත ලෝහ හස්‌ත විලාශය දක්‌වා ඇත. පාර්වතී ශිව දෙවියන්ගේ සහායිකාව ලෙස ප්‍රතිමාවට නගා ඇත. මෙහි කේශකලාපය කේශ බන්ධනයක් සේ මුදුන් කොට වන්ද්‍රාටකයකින් හා බේඛලාදාමයකින් ගත සරසා තිබේ. මකුටය සිරස් පටියකින් යුක්‌ත වේ.