නිශ්ශංක ලතා මණ්‌ඩපය
 
පොළොන්නරුවේ දළදා මඑවට අයත් විශේෂ ගොඩනැගිල්ලකි. මෙම නිර්මාණය නිශ්ශංක මල්ල රඡතුමා විසින් සාදන ලද මණ්‌ඩපයකි. මෙම මණ්‌ඩපය කඑගලින් කරන ලද ගරාදි වැටකින් සමන්විත වන අතර දිග අඩි 34 ක්‌ සහ පළල අඩි 28 1/2 පමණ. මෙහි ඇති විශේෂතම ලක්‍ෂණය වන්නේ නෙඑම් දඬුවක හැඩයෙන් යුත් ගල් කණු 8 යි.

මණ්‌ඩපයේ වහලය දරා සිටීම සඳහා මෙම ගල්කණු යොදන්නට ඇත.  ගල් කණූවේ බඳ කොටසේ අර්ධ උන්නත නෙඑම් පත්‍ර වලින් අලංකාර කර ඇති අතර ඒවා ත්‍රිභංග (තුන් තැනකින් නැමුණු) හැඩය ස්‌ථම්භවලට යොදා තිබේ. මණ්‌ඩපයේ පහළ බිම ගල් අතුරා ඇති අතර පාදම මිනිස්‌ රූප සහිත වෘත්තයකි. මණ්‌ඩපය තුළ කුඩා දාගැබක්‌ හා අසනයක්‌ නිර්මාණය කොට ඇති අතර නිශ්ශංක මල්ල රඡතුමා පිරිත් ඇසීම සඳහා මෙම ගොඩනැගිල්ල භාවිත කරන්නට ඇතැයි අනුමාණ කෙරේ. මෙම මතය පරණවිතාන ශුරීන්් ඉදිරිපත් කොට ඇත.

























ලාංකීය ගල් කැටයම් කලාව තුළ හමුවන එකම නිර්මාණය මෙය වේ. ස්‌ථම්භයක්‌ රිද්මගත කිරීම කලා කරුවාගේ සියුම් කුශලතාව නිරූපණය කරන්නකි. මෙහි ඇති නෙඑම් දඬුවේ කටුක භාවය කලාත්මක හා සංකේතාත්මකව රමණීය භාව ප්‍රකාශනයක්‌ ඉදිරිපත් කෙරෙන නිර්මාණයක්‌ ලෙස නිශ්ශංකලතා මණ්‌ඩපයේ කුඑණු හඳුන්වාදිය හැකිවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017