
මෙම ප්‍රතිමාව උස අඩි 12 කි. මෙම පරාක්‍රම සමුද්‍රය අසල පොල්ගුල් විහාරයට ආසන්නයේ පිටිහි ගල් පර්වතයක නෙළන ලද පුරුෂ රූපයකි. මින් නිරූපණය වන්නේ පරාක්‍රම බාහු රඡතුමා බව බොහෝ දෙනාගේ අදහස වේ. අගස්ථ හෝ පුලස්ථ සෘෂිවරයා හෝ කපිල සෘෂිවරයා මුර්තිමත් කරන්නේ යෑයි ද විවිධ මත ඉදිරිපත් වී ඇත.

නිර්වස්ත්‍ර උඩුකයෙකි. පුණනුල නිරූපණය කොට ඇත. පහතට වැටෙන උඩුරුවුළකි. ප්‍රතිමාවේ මුහුණ මඳක් දකුණු දෙසට හරයා ඇත. දණහිස දක්වා එල්ලෙන ආභරණ නොමැත. දෙකන් පලල් වු අඩවන් වු දෙනෙත් පළල් නාසය පැහැදිළිව නෙළා ඇත. හිස කෝණාකාරව ශිර්ෂාභරණයකින් යුක්ත වේ. පිළිමයේ පළල් උරහිස දෙකද මහත් වු උදරයද ක්‍රමයෙන් සිහින් වෙමින් මනා හැඩයක් ගන්නා උඩුකය මෙහි විශේෂ ලක්ෂණයකි.
ඡිවමාන පුද්ගලයෙකු නිරූපණය කිරීමට කලාකරුවා උත්සාහ ගෙන ඇත. කිසියම් වස්තුවක් දෑතින් දරාගෙන සිටින ආකාරය නිරූපණය කිරීම විශේෂ ලක්ෂණයකි. මෙම උපකරණය මැදින් පහළට පහත්වීමක් නිරූපණය වේ. පිළිමයේ කෙස් රොද මකුටාකාරව බැඳතිබේ. කුණ්ඩලාභරණ ඇත. ශරීරයේ බර වම් කකුල උසුලන අතර දකුණු පාදය දණහිසින් මඳක් නැමි ඇත. (තිවංකහැඩය නිරූපණය වේ)
ප්‍රතිමාවේ උඩු කයෙහි වස්ත්රාභරණ නොමැත. යටි කය දෝතිය වැනි යමකින් වැසී ඇත. එම වස්ත්‍රයේ රුළි යොදාතිබෙන්නේ පොළොන්නරු බුදුපිළිමවල එන රුළි ක්‍රමයට සමානවන පරිදි වේ. ඉණ බැඳි පටිය හරිමැද ගැටයක් යොදා අලංකාර ලෙස ගලින් නිමකිරීම සුවිශේෂ අංග ලක්ෂණයකි. අඩක් පියවී ඇති දෙනෙත් ප්‍රතිමාවට ශාන්ත කල්පනාකාරී ස්වභාවයක් නිරූපණය කිරිමට සමත් වී තිබේ.
උඩුකය හරහා වැටී ඇති උපවිනය හෙවත් පුනනුල නිසා ප්‍රතිමාව ශාන්ත බාවය වඩාත් තිච්ර ලෙස අලංකාර වී ඇත. මෙම රූපය තලතුනා ස්වරූපයක් නිරූපණය වුවත් ශරීරයේ නිර්මිත ආභරණයෙන් ශක්තිමත් දේහයක අංග ලක්ෂණ ප්‍රකට කොට ඇත. උඩුරුවුල සහ මුහුණ දෙස අධ්‍යයන කරන ශිල්පියෙකුට මෙම මුහුණ චීන පුරුෂයෙකුගේ ලක්ෂණවලට සමානකමක් දැක්වෙන්නේ යෑයි අනුමාන කළ හැකිවේ. මෙතරම් විශාල ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේදී එම පර්වතය භාවිතයට ගැනිමේදී ප්රතිමාප්රමාණ මුලධර්ම භාවිතයට ගැනීම තුළින් එම පර්වතයට උචිතවන අයුරින් නිමකිරීමට කලා කරුවා සමත්වි ඇත.
