පොළොන්නරුවේ නිශ්ශංක ලතා මණ්‌ඩපය අසල නිර්මාණය කොට ඇති අතිශය අලංකාර ගොඩනැගිල්ලක් වන වටදාගෙයි දොරටු 4 ට මුහුණලා ධ්‍යාන ප්‍රතිමා (ඔත්පිළිම) 4 ක් නිර්මාණය කර තිබීම විශේෂ ලක්‍ෂණයකි. ඉන්දියාවේ අමරාවතී කලා සම්ප්‍රදාය ප්‍රකට කෙරෙන මෙම ප්‍රතිමා 4 පිළිබඳ ආචාර්ය සෙනරත් පරණවිතාන සුරීන්ගේ මතය වන්නේ මෙම පිළිම අනුරාධපුර යුගයේ අග භාගයේ නිමකර ඇති බවත් ඒවා අනුරාධපුරයේ සිට පොළොන්නරුවට රුගෙන විත් මෙම ස්‌ථානයේ තැන්පත් කරන්නට ඇති බවත්ය. මෙය පිළිමගෙයක් වශයෙන් තිබෙන්නට ඇති බවට ඇති සාදක අතර කුටාගාර ලක්‍ෂණය සහ වෘත්තකාර තාප්පය විශේෂ නිදසුනකි.




