දැන් අපි ඉපිලීම සිදුවන්නේ කෙසේද යන්න නිරීක්ෂණය කර බලමු.
ඒ සදහා පහත ක්‍රියාකාරකම කර බලමු.
ප්‍රථමයෙන් දෙහි ගෙඩියක් කපා එය වීදුරුවකට දෙහි යුෂ හා දෙහි ඇට සමඟ දමාගන්න.
එයටම ජලය කෝප්ප ½ ක් පමණ එකතු කරගන්න.
එවිට දෙහි ඇට වීදුරුවේ පතුලේ තිබෙන බව ඔබට පෙනෙනු ඇත.
පසුව දෙහි යුෂ ද්‍රාවනයට සීනි හැඳි දෙකක් පමන දමා දියකරන්න.
එවිට පතුලේ තිබූ දෙහි ඇට ඉහළට විත් ගිලී පාවෙන බව ඔබට පෙනෙනු ඇත.
එයට නැවතත් සීනි ටිකක් දිය කළ විට ද්‍රාවනයේ මතුපිට දෙහි ඇට පාවෙනු දැකිය හැකිය.
පතුලේ තිබූ දෙහි ඇට දෙහි යුෂ ද්‍රාවනයේ මතුපිට පාවෙනුයේ කුමක් නිසාද?.
දෙහි යුෂ සහිත ජලයට සීනි දිය කළ විට ජලයේ ඝනත්වය ක්‍රමයෙන් වැඩි වේ.
එවිට දෙහි ඇට ටිකෙන් ටික ඉපිලේ.
ජලයේ ඝනත්වය යම් ප්‍රමාණයකින් ඉහල ගිය පසු දෙහි ඇට සම්පූර්ණයෙන්ම ඉපිළෙනු ඇත.
වස්තුවක ඉපිලීමට ජලයේ දිය වී ඇති ද්‍රව්‍ය ප්‍රමාණය බලපානු ඇත.