එකල වෙළඳ කටයුතූ අභ්‍යන්තර වෙළඳමට පමණක් සීමා නොවීය. අප දිවයින පෙර අපර දෙදිග මුහුදු මාර්ගයේ කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති නිසා අරාබි ජාතිකයින්ද, ග්‍රීකයන්ද , ආදී යුරෝපීයන්ද , ඉන්දියානුවන්ද , ඉන්දුනීසියානු, චීන වෙළෙන්දෝ ද වෙළඳාම පිණිස මෙරටට පැමිණියහ.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දෙරටේ තොටුපොලවල් මඟින් වෙළඳ භාණ්ඩ හුවමාරු වූ බවට සාක්ෂි ඇත. මේ අනුව ලංකාවේ මහාතිත්ථ (මාන්තෙයි) ඉන්දියාවේ තාම්‍රලිප්ති , කාවේරි පටුණ නිතර වෙළඳුන් මුණ ගැසුණ මධ්‍යස්ථාන වශයෙන් පැවතී ඇත.
රෝම අධිරාජ්‍යය සමඟද ශ්‍රී ලංකාව වෙළඳාමේ යෙදී ඇත. මහා තිත්ථ , සීගිරිය , අනුරාධපුරය යන ස්ථානවලින් සොයාගෙන තිබෙන රෝම කාසිවලින් ඒ බව සනාථ වේ.

ක්‍රි.ව. පළමු වන සියවසේ සිට ම රෝමය සමඟ ශ්‍රී ලංකාව වෙළඳ සබඳතා පැවැත්වූ බව ප්ලීනි නැමති ඉතිහාසඥයාගේ නැචුරාලිස් හිස්ටෝරියා යන කෘතියෙන්ද හෙළි වෙයි. භාතිකාභය රජු දවස රෝමයට ගිය ශ්‍රී ලංකා දූත පිරිසක් , එහි සිට කොරල් තොගයක් ගෙනා බවත් ඒවායින් මහාථූපය අලංකාර කළ බවත් මහාවංශ ටීකාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ වරායන්නි පර්සියානු හා ඉතියෝපියානු නැව් නිතර නවතා තිබූ බව කොස්මස්ගේ වාර්ථාවලින් හෙලි වෙයි.
ක්‍රි.ව. 7 වන සිය වසෙන් පසු ඉන්දියන් සාගර්යේ වෙළඳ ආධිපත්‍ය අරාබීන් අතට පත්විය. එතැන් සිට අරාබි වෙළදුන් ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සම්බන්ඳතා පවත්වා ඇත. නොයෙක් රටවලින් පැමිණි වෙළඳුන් අනුරාධපුරයේ විසූ බවටත් , ඔවුන් වෙළඳ ශ්‍රේණී වශයෙන් සංවිධානය වූ බවටත් සාක්ෂි ඇත.
