අනුරාධපු යුගයේ ආර්ථිකයේ ප්‍රධාන අංග
 

අනුරාධපු යුගයේ ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය මත පදනම් වී තිබූ බව මෙතෙක් ඔබ අධ්‍යනය කල කරුණූ වලින් පැහැදිලි වන්නට ඇත. එසේ වූවද වෙළඳාම හා කර්මාන්ත යන අංශ දෙකද වැදගත් ස්ථානයක් හිමි කර ගෙන තිබූණි.

එකල පැවති කර්මාන්ත පිළිබඳව තොරතූරු පැරණි සාහිත්‍යයේ සඳහන් වී ඇත්තේ සුළු වශයෙනි. එසේ වුවද අද දක්ාම ශේෂ ව පවත්නා වැව් අමුණු හා ඇළ මාර්ග දෙස බැලීමෙන් එකල ඉතා දියුණු තාක්ෂණයක් තිබූ බව වටහා ගත හැකිය.


එම කටයුතූ සඳහා භාවිතා කල ඉතා සියුම් උපකරණයේ සිට විවිධ මට්ටම් වල මෙවලලම් තැනීමේ දියුණු කර්මාන්ත එකල පැවති බව පෙනේ.

වංශකතාවල සඳහන් වන ඔලුවඩු , පේසකාරගාම , කම්මාකාර යන පදවලින් එකල සමාජයේ දක්නට ලැබුණු විවිධ ශිල්පීන් කිහිපදෙනෙකූූ පිළිබඳ තොරතූරු හෙලිවේ.


සඳකඩපහණ , ඉසුරුමුණියේ පෙම් යුවල , ලෝවාමහා පාය , සමාධි බුදු පිළිමය , වාහල්කඩ , චේතියඝර , වටදා ගෙවල් මහාස්ථූප , වැනි අනුරාධපුර යුගයේ විවිධ නිර්මාණ වල නටඹුන් පරීක්ෂාකිරීමේදී , එකල දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් හා මූර්ති ශිල්පීන් සිටි බවත් , ඔවුන්ගේ ශිල්පීය නිපුණතාවයත් මැනවින් පැහැදිලි වේ.

අනුරාධපුර යුගයේ වෙළඳාම බාහිර හා අභ්‍යන්තර වශයෙන් දෙආකාර විය. මුදල් හුවමාරුව සුලබව සිදු නොවූ බැවින් , අභ්‍යන්තර වෙලඳාම භාණ්ඩ හුවමාරුව මත සිදු විය. පැරණි ලක් වැසියෝ බොහෝ දුරට තමන්ට අවශ්‍ය දේ ගම්වලින් නිපදවා ගත්හ.

ඔවුහු නිපදවූ ඇතැම් ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ විකිණිම සඳහා නගර වල පිහිටි වෙළඳ පොළ වෙත ගෙන ගියහ. නගරයේ පිහිටි වෙළඳ පොළ පදි යනුවෙන් හැදින්විනි. මෙය වර්ථමානයේ ගම්වල පැවැත්වෙන පොලකට සමාන වේ. හෝපිටිගමුවේ පැවති මෙවැනි වෙළඳ පොලක් පාලනය වූ ආකාරය පිළිබඳව තොරතූරු රැසක් බදුලු ටැම් ලිපියෙහි සඳහන් වේ.

මෙම වෙළඳ ද්‍රව්‍ය වෙළද පොලට ගෙන යාමේද් , ඔවුන් කරත්ත සහ මෙවලම් යොදා ගෙන ඇත. කඳුකරයේ වගා කල කහ , ගම්මිරිස් , ඉඟූරු ආදී දේ , වෙළඳාම සඳහා කරත්ත වලින් අනුරාධපුරයට ගෙන ආ බව මහාවංශයේ සඳහන් වේ. මේ අනුව තමන් සතූ අතිරික්ත භාණ්ඩ හා ද්‍රව්‍ය විකූණා ගැනීමටත් අභ්‍යන්තර වෙළඳාම තූලින් ඔවුනට හැකිවිය.


(c) Shilpa Sayura Foundation 2006-2017