අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තය
 

වැව් තැනීම හා ඇළවල් තැනීම වාරි කර්මාන්තයෙහි ප්‍රධාන ලක්ෂණ දෙකක් විය. එකල වියලි කලාපයේ සෑම ගමකම වාගේ කූඩා වැවක් තිබූ බව පැරණි සෙල් ලිපි වලින් මෙන් ම , පැරණි පොත පතෙහි ද සඳහන් වේ. ඒවායින් සමහරක් අද දක්වා ශේෂ ව පවතී. මුල් කාලයේදී කූඩා දිය පහරවල් හරස් කොට ගම්වල කූඩා වැව් තැනවූ ඔවුහු පසුව ගංගා හරස් කොට , වේලි බැඳ විශාල වැව් ඉදිකිරීම ආරම්භ කලහ.

වැව් තැනීමේ දී වියලි කලාපයේ භූ විෂමතා ලක්ෂණ බෙහෙවින් උපකාරී විය. රැළි බිම් ප්‍රදේශයක් වූ වියළි කලාපයේ තැනින් තැන පිහිටි හෙල් වැටි , වැව් තැනීමේදී ආධාර කර ගනිණි. ම්ට් කඳු වැටියක කපොල්ලක් අතරින් ගඟක් ගලා යාමේදී බැම්මක් යොදා ජල මාර්ගය අවහිර කිරීමෙන් වැවක් තැනූ ඔවුහු භූමියේ බෑවුමට අනුකූල වනසේ ඇළ මාර්ග ද තැනූහ.


පණ්ඩුකාභය රජතුමා කරවූ අභය වැව

ජලය වටිනා සම්පතක් බව අප මුතූන්මිත්තෝ දැන සිටියහ. ජලයේ වටිනාකම අවබෝධ කරගත් අප මුතූන්මිත්තන් ජලය ආරක්ෂා කරගැනීමට ද කටයුතූ කලහ.


ගංඟා ආධාර කර ගනිමින් වැව් තැනීමේ දී , එක් වැව කින් පිටවන ජලය තවත් වැවකට ගලායන සේ , ඇළ මාර්ග වැව් එකිනෙකට සම්බන්ධ කොට , මනා ජල කලමනාකාරිත්වයක් පවත්වා ගෙන ගිය බව පැහැදිලි වේ.

වාරි කර්මාන්ත ඉතිහාසය ජනාවාසකරනය තරම් ඈතට විහිදෙන බව පෙනේ. විජය රජුගේ ඇමතියකූ වූ අනුරාධ විසින් වැවක් කරවන ලදැයි වංශ කථා වල සඳහන් වී ඇතත් එම වැව කූමක් දැයි හරි හැටි හඳුනා ගෙන නැත. ප්‍රථම වතාවට වාරිකර්මාන්ත ඉතිහාසයේ වැදගත් තැනක් හිමි වන්නේ , පණ්ඩුකාභය රජතූමාටය. ඔහු අභය වැව , ජය වැව හා ගාමිණී වැව යනුවෙන් වැව් 3 ක් කර වූ බව මහා වංශයේ සංහන් වී ඇත. ඇනට හඳුනා ගෙන ඇති , අභය වැව වර්ථමානයේ බසවක්කූලම යනුවෙන් හැඳින්වේ.

පණ්ඩුකාභය රජුගෙන් පසු , වාරිකර්මාන්තයේ ලා වැදගත් වන්නේ දේවානම්පියතිස්ස රජතූමාය. ක්‍රි.පූ. 250 - 210 දක්වා රජ කල මොහු මල්වතූ ඔය ආශ්‍රිත ව තිසා වැව කළ බව සඳහන් වේ.

වසභ රජතූමා විශාල වැව් තැනවීමේ ආරම්භකයා ලෙස සැලකේ. වැව් 11 ක් සහ ඇළවල් 12 ක් තැන වූ බව මහා වංශයේ සඳහන් වුව ද හඳුනා ගෙන ඇත්තේ කිහිපයකි. ඇළහැර ඇළ ද වසභ රජු කර වු බව මහා වංශයේ සඳහන් වේ. ඇළහැර ඇළ වැනි විශාල ඇළක් තැනවීම සඳහා අවශ්‍ය සුවිශේෂ ශිල්පඥානය පළමු වන ශතවර්ෂය වන විට ද අප මුතූන්මිත්තන් සතූ වූ බව එයින් පැහැදිලි වේ. වසභ රජු උම්මග්ග ජල මාතිකා හෙවත් උමං ජල මාර්ග තැන වූ බව ද සඳහන් වේ. අනුරපුර රන්මසු උයනේ පොකූණුවලට තිසා වැවෙන් ජලය ගෙන ගිය එබඳු උමං ජල මාර්ග සොයා ගෙන තිබේ.

මහසෙන් රජතූමා වැව් 16 ක් සහ විශාල ඇළක් කරවූ බව වංශ කථාවල සඳහන් වේ. ඔහු කර වූ විශාලම වැව මින්නේරියයි. මෙයින් ජනනාදරයට පත් වූ මහසෙන් රජතූමා මින්නේරි දෙවියෝ නමින් ප්‍රචලිත විය.

කලින් වසභ රජු කරවූ අළහැර ඇළ විශාල කොට මින්නේරිය වැවට ජලය ලබා ගත් මහසෙන් රජු මහවැලි ගඟෙන් ආරම්භ වන පබ්බතන්ත ඇළ ද කරවා ඇත.

ධාතූසේන රජු වාරි මාර්ග ඉතිහාසයේ වැදගත් වන තවත් රජ කෙනෙකි. මහසෙන් රජුගේ නාමය සමඟ මින්නේරිය වැව බැඳී ඇත්තේ යම් සේ ද එසේම ධාථූසේන රජුගේ නාමය සමඟ කලා වැව බැඳී පවතී. මොහු වැව් 18 ක් හා ඇළ මාර්ගයක් කර වූ බව මූලාශ්‍රවල සඳහන් වෙයි. කලා වැවේ සිට තිසා වැවට ජලය සැපයීම සඳහා කරන ලද යෝධ ඇල ද මෙතූමාගේ නිර්මාණයක් වශයෙන් හඳුනා ගෙන ඇත. එය ජය ගඟ නමින් ද හැඳින්වේ.

2 මුගලන් රජු කර වූ යැයි සැලකෙන වැව් අතරින් හඳුනාගෙන ඇත්තේ වැව් දෙකකි. මොහුගේ නිර්මාණයක් වන පත්පහන් වැව අද නාච්චදූව වැව නමින් හැඳිනවේ. අනික් හඳුනා ගත් වැව පදවිය වැවයි.

1 වන අග්බෝ රජතූමා විසින් වැව් වලට අමතරව ම්ණිපේ ඇලද කර වූ බව සඳහන් වේ. මණිමේඛලා , යනුවෙන් මහා වංශයේ සඳහන් වේ.

1 ව න අග්බෝ රජතූමා ඇවෑමෙන් රජකමට පත් වූ ඊඊ අග්බෝ රජු අතින් ද වාරි කර්මාන්තයට විශාල සේවයක් සිදූ වී ඇත.කන්තලේ හා ගිරිතලේ වැව් මොහුගේ විශිෂ්ඨ වාරි නිර්මාණ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017