ආර්ථික කටයුතූ කෙරෙහි එල්ල වූ අභියෝග
 

වියළි කලාපයේ ජනාවාස පිහිටුවා ගත් ජනපදවාසීන්ට කල්යාමේ දී අභියෝග කිහිපයකට මුහුණ පෑමට සිදු විය.

1. වගා කටයුතූ සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවීම.
2. වැඩිවන ජන සංඛ්‍යාවට අවශ්‍ය ආහාර සපයා ගැනීම දුෂ්කර වීම.

ප්‍රධාන අභියෝග විය. එමෙන්ම අනුරාධපුර මුල් භාගයේදී දුර්භික්ෂ කීපයක්ම ඇතිවූ බවද සඳහන්වේ.

වියළි කලාපයට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙනුයේ අවුරුද්දේ එක් කාල සීමාවකදී , ඊසාන දිග මෝසම් සුළගිනි. මේ නිසා වියලි කාලයේ දී ගොවිතැන් කටයුතූ සඳහා යොදා ගැනීමට ජලය රුස්කර තබා ගැනීම අවශ්‍ය විය. වැව් තැනීම ආරම්භ වූයේ මේ නිසාය. කල්යාමේදී ඇළ වේලි, වැව් අමුණු වලින් සමන්විත සංකීර්ණ වාරි මාර්ග පද්ධතියක් බිහිවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017