අනුරාධපුර යුගයේ ආර්ථික කටයුතූ
 

ක්‍රි.පූ. 6 වන විට සියවසේදී පමණ. ඉන්දියාවේ වයඹ දිග සහ ඊසාන දිග ඇතූළු වෙනත් ප්‍රදේශවලින් ලංකාවට සංක්‍රමනය වී , මෙහි වාස භූමි පිහිටුවා ගත් ජන කොටස් වල ප්‍රධාන ජීවනෝපාය වූයේ වී ගොවිතැනයි. ඔවුහු ඒ සඳහා පහසුවෙන් ජලය සපයාගත හැකි ගංගා නිම්නවල පදිංචි වූහ. වී වගාවට අද මෙන්ම පැරණි ආර්ථිකයේ ද හිමි වී තිබුනේ වැදගත් ස්ථානයකි.

මල්වතූ ඔය , කලාඔය ප්‍රධාන කොට ගත් වයඹ දිග ප්‍රදේශයේ ද , ගල්ඔය , මහවැලි ගඟ ආශ්‍රිත වූ නැගෙනහිර ප්‍රදේශයේද කිරිඳි ඔය මැණික් ගඟ , කූඹුක්කන් ඔය ආශ්‍රිත වූ ගිණිකොණ දිග ප්‍රදේශයේද ඊට අමතරව කැළණි ගඟ ආශ්‍රිත නිරත දිග ප්‍රදේශයේද ඔවුන්ගේ ජනාවාස පැතිරුණි.


 
එම ගංගා නිම්නවල ඔවුන් ජනාවාස පිහිටුවා ගනු ලැබුවේ වී ගොවිතැන සඳහා හිතකර සාධකඑ ම ප්‍රදේශවල තිබූ බැවිනි. එම සාධක අතර,



  • ස්වාභාවික ජල මාර්ග
  • තැනිතලා
  • සාරවත් පස
  • හිතකර දේශගූණය
යන කරුණු ප්‍රධාන වේ.

මුල් ජනපද වාසීන් වී වගාව සඳහා භූමිය ප්‍රයෝජනයට ගත් ආකාරයද ක්‍රමාණුකූල විය. කල් යාමේදී වී ගොවිතැන , ගොඩ ගොවිතැන හා මඩ ගොවිතැන යනුවෙන් දෙයාකාර විය.

 
ජලය ලබා ගැනීමේ පහසුකම මත යල සහ මහ යනුවෙන් ප්‍රධාන කන්න දෙකකට වී වගා කෙරුනි. මීට අමතරව ක්‍රි.ව. 4 වන සියවස වන විට , ප්‍රධාන කන්න දෙක අතර , අතර මැදි කන්නයක්ද , වගා කල බව සිරිමේඝවණ්ණ රජු දවස කළ තෝනිගල සෙල්ලිපියේ සඳහන්ය.
වී වගාවට ප්‍රධාන තැනක් හිමිවූ අතර , ඊට අමතරව උඳු , මුං , මෑ ,, සහ තණහාල් ආදී වෙනත් වියළි ධාන්‍ය වර්ග ද වගා කලහ.



තල වගාව විශාල වශයෙන් සිදුකොට ඇති අතර , ආහාර පිසීමේදී තලතෙල් බහුලව භාවියට ගෙන ඇත. උක් වගාව , හකූරු නිපදවීම වැදගත් විය. එකල නිපද වූ උක් හකූරු ප්‍රභූවරුන්ගේ ආහාරයේ වැදගත් අංගයක් වී යැ යි සැලකේ. උක් මෝලක සේවය කල කම්කරුවන් ගැන මහා වංශයේ සඳහන් වේ. මෙයට අමතරව කපු හා පළතූරු වගාවද කර ඇති බව සඳහන් වේ. කහ , ඉඟූරු , ගම්මිරිස් ආදී කූළු බඩු වර්ග කඳුරට ප්‍රදේශවල වගා කර ඇත.

කෘෂිකර්මාන්තයේ දී ගව පාලනයට හිමිවූයේ වැදගත් තැනකි. මෙකල දී කිරි, ගිතෙල් ඇතූළු පස්ගොරස නිතර අනුභව කළ බව සඳහන්ය.

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017