විජයාගමණය, මහින්දාගනය ආදී සිද්ධීන් සමග ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පැවැත්වූ සඹදතා ශක්තිමත් වීය. දකුණු ඉන්දියාවෙන් ආක්‍රමණ එල්ල වූවද , බෞද්ධ රාජ්‍ය වූ උතුරු ඉන්දියාව සමග ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සඹඳතා පවත්වාගන සිටි බව සිතිය හැකිය.

ඒ සඹඳතා සමගය අපරදිග අරාබි, රෝම හා ග්‍රීක ජාතීන්හට මාන්තොට හා ගෝකණ්න (මන්නාරම හා ත්‍රිකුණාමළය) වරාය කේන්ද්‍ර කොටගත් වෙළඳ මධ්‍යස්ථානයක් සැපයිනි.






තවද ශ්‍රී ලංකාව එකල රෝමයට දූත චාරිකාවක් ගිය බවද, රෝමය සමග තානාපති සඹඳතා පවත්වා ගත් බවද සඳහන්ය. අනුරාධපුරයේ කළ කැණීම් වලින් චීන බඳුන් , රෝම හා ග්‍රීක කාසිද හමුවී තිබේ.
ඒ අතරම ඉන්දුනීසියාව ආදී නැගෙනහිර ආසියා රටවල් සමඟද වෙළදාම් කළ බව සඳහන්ය.

