අනුරාධපුර යුගය කලාවේ දියුණුවට බෙහෙවින්ම බලපෑය. භාෂාව දියුණු වීමත් සමඟම ඇතිවූ බුද්ධි පුනර්ජීවය නිසා කලා කෘති හා නිර්මාණ බොහෝමයක් ඇති විය.
අනුරාධපුරයේ සමාධි බුදු පිළිමය, සඳකඩ පහණ, රුවන්වැලි සෑය, ඉසුරුමුණියේ කැටයම්, සීගිරි චිත්‍ර, පුල්ලිගොඩ චිත්‍ර හා පිදුරන්ගල චිත්‍ර ද අගනා නිර්මාණ ලෙස සැළකිය හැකිය.
සාහිත්‍ය උන්නතිය ඇතිවීම වූයේ සිදත් සඟරාව , සද්ධර්මාලංකාරය, මහා වංශය ආදී කෘතීන් බිහිවීමෙනි. පාහියන් භික්‍ෂුව ලියා ඇති අයුරින් එකල අනුරාධපුරයේ තිබුණු බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉගනීමට පිටරටින් පවා සිසුන් ආ බව කියැවේ.

