අනුරාධපුර යුගයේ දී බුදු දහමේ දියුණුව සඳහා සෑම රජ කෙනෙක් ම අනුග්‍රහයක් දක්වා ඇති අතර , ඒ සම්බන්ධයෙන් කැපී පෙනෙන රජවරුන් කිහප දෙනෙකූ වූහ.
නිදසුන් වශයෙන් දේචවානම් පියතිස්ස රජතූමා බුදු දහම ලක්දිව ව්‍යාප්ත කිරීම සඳහා පූර්ණ අනුග්‍රහය දක්වා ඇත. භික්ෂු භික්ෂුණී ශාසනය ඇති කිරීමට අනුග්‍රහය දී මහමෙවුනා උයනේ සංඝවාස ඉදි කර දුන් බව සඳහන් වේ. මහාපාලි දානශාලාව , පොහොය ගෙවල් , නාන පොකූණුද , ඉසුරුමුණියද , වෙස්සගිරියද , මිහින්තලේ , හා ථූපාරාමය වැනි ආගමික ගොඩනැගිලි ද ඉදිකර දීමෙන් බුුදු දහමට විශාල අනුග්‍රහයක් එතූමා විසින් දක්වා ඇත.
දුටු ගැමුණු රජු මිරුසවැටිය , ලෝවාමහාපාය , හා රුවන්වැලි සෑය වැනි බෞද්ධාගමික මධ්‍යස්ථාන ඉදිකර වූ අතර , මෙතෙක් භික්ෂුන් වහන්සේලා විසින් මුඛ පරම්පරාගත ව ගෙන ආ ත්‍රිපිටකය මාතලේ අළුවිහාරයේදී පුස්කොළ පොත් වල ලියවීම වළගම්බා ට්රජු දවස සිදුවූ විශාල ආගමික සේවාවකි. වරින් වර අප රටට එල්ල වූ දකූණූ ඉන්දීය තර්ජන වලින් රට බේරා ගෙන රාජ්‍ය පාලනය ගෙන ගිය , පාලකයින් අතර දුටුගැමුණු , වළගම්බා , ගජබා , ධාතූසේන වැනි රජවරු වැදගත් වේ.
සේන රජු , ශ්‍රී මාර ශ්‍රී වල්ලභ යන පාණ්ඩ්‍ය අධිරාජ්‍යයා විසින් එල්ල කරනු ලැබූ ආක්‍රමණය ජයගෙන ලංකා රාජ්‍යය ස්ථාවරව ආරක්ෂාකර ගත් අතර , 5 වන මිහිඳු රජු විසින්, වල්ලභ රාජ නම් ආක්‍රමණිකයා එල්ල කල ආක්‍රමණය ජය ගැනීමට සමත් විය.
අනුරාධපුර යුගයේ බොහොමයක් ගොඩනැගිලි මෙන්ම නිර්මාණ ද ආගමික පසුබිමක් මත ඉදි වූ ඒවා බව පෙනේ.
