රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් සැපයීම එකල රජවරුන්ගේ ප්‍රධාන වගකීමක් විය. අනුරාධපුර යුගයේ මුල්ම පාලකයා ලෙස සැලකෙන පණ්ඩුකභය රජතූමා විසින් ගාමිණී වැව ජය වැව හා අභය වැව වශයෙන් වැව් 3 ක්ද දේවානම් පියතිස්ස රජතූමා තිසා වැව ද , වසභ රජු වැව් 11 ක්ද ඇළහැර ඇළ ද , කර වූ බව මහා වංශයේ සඳහන් වේ.
වසභ රජු කර වූ වැව් අතර , මහවිලච්චිය , මානාකැටිය , නොච්චිපොතාන , හා හිරිවඩුන්න වැව් දැනට හඳුනාගෙන ඇත. මහසෙන් රජු වැව් 16 ක් ද ඇළහැර ඇළ ද කල බව සඳහන් වේ. මින්නේරි වැව , මාගල්ල වැව වැනි මහා වැව් ද පබ්බතන්ත ඇළද මේ අතර ප්‍රසිද්ධය මහසෙන් රජු පසුකාලීනව මින්නේරි දෙවියෝ යන නමින් හැඳින්වීම ජනතාව එතූමා දේවත්වයෙහි ලා පිදූ බවට සාක්ෂියකි.
ධාතූසේන රජතූමා වැව් 18 ක් කල බව පූජාවලියේ සඳහන් කොට ඇත. කලා වැව - බළලු වැව එක් කර විශාල වැවක් ඉදිකිරීම ද මේ අතර වැදගත් වේ.




