අනුරාධපුර යුගයේ ගම පාලනය
 

අනුරාධපුර යුගයේදී ගම කූඩාම පාලන ඒකකය විය. ගම පාලනය වූයේ කෙසේද යන්න පිලිබඳව නිෂ්චිත තොරතූරු සොයා ගැනීම දුෂ්කරය.

ඟම් දහයක් එක්කොට දසගම් යනුවෙන් තරමක් පුළුල් පාලන ඒකකයක් ද විය. පැරණි එතිහාසික මූලාශ්‍රවල සඳහන් ගමේ නායකයා වූ ගමික නම් තනතුර පසු කාලයේදී ගම්ලද්දා යැයි නම් කොට තිබුණි. මෙය වංශ කථා වල ග්‍රාම භෝජක යනුවෙන් ද සඳහන්ය. සාමය හා විනය රැකීමට අමතරව රජයේ ආදායම් එකතූ කර දීමද ඔහුට භාර විය.

එහෙත් ගැමි සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට එරෙහි වීමට ඔහුට නිදහසක් තිබුනේ නැත. නීති රීති අළුත් වන විට පැන නැගෙන ජනතා විරෝධතා සාමකාමීව සංසිඳවමින් කරුණු අවබෝධ කර දීම ඔහුගේ් කාර්ය භාරය විය.රජතූමා යම් යම් සේවා සඳහා දුන් ගම් බිම් වල පාලනයද ගම් ප්‍රධානියාට භාර විය.

අපරාධකරුවකූ ගමකට වැදී සැඟවුන හොත් ඔහු අල්ලා දීම ගමික ඇතූළු ගම්වාසීන්ට සාමූහිකව පැවරුණු කාර්යයකි. එසේ නොකල හොත් ගමට රජුගෙන් දඩ නියම විය. ගම තූල නඩු හබ යනාදිය විසඳිම ගම් පාලන කණ්ඩායමට පැවරුණි. මෙම නඩුවල වාර්තා මධ්‍ය රජයේ නිලධාරීන් විසින් වරින් වර පැමිණ පරික්ෂා කරන ලදි.

ආරාම සතූ ගම් බිම් පාලනයේදී ගම් ප්‍රධානීන්ට ආරාම වාසී භික්ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වය ලබා ගැනීම අනිවාර්ය විය. ආරාමයකට අපරාධකරුවෙකූ ඇතූළු වූ අවස්ථාවලදී රාජපුරුෂයන්ට ආරාම තූලට බලෙන් ඇතූළු වීම තහනමී වූ අතර , ගම් ප්‍රධානීන් භික්ෂු අවසරය ඇති ව එකී වැරදි කරුවන් අල්ලා දීමට බැඳි සිටි බව පෙනෙන්නට තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017