අනුරාධපුර යුගයේ ප්‍රාදේශීය පාලනය
 

ප්‍රාදේශීය පාලනය මහරජුගේ පාලනයෙන් සම්පූර්නයෙන්ම නිදහස් නොවූවකි. රටේ ඇතැම් පාලන බෙදීම් අනුව , රජුගේ සහෝදරයන් , යුව රජුන් ලෙස ඒ ඒ පාලන කොටස් සඳහා යොදාගෙන ක්‍රමාණුකූලව ගෙන ගිය පාලන සංවිධානයකි. අනුරාධපුර යුගයේ අගභාගය වන විට මුළු දිවයිනම , රජරට , දක්ඛිණ දේශය , රෝහණ රාජ්‍යය , හා මලය රට වශයෙන් කොටස් කිහිපයකට බෙදී තිබුණි.

අගනුවර ලෙස සැලකූ අනුරාධපුරය පිහිටි රජ රට ප්‍රදේශය මේවා අතරින් වඩාත් වැදගත් විය. අනුරාධපුර අගනුවර අයත් රජරට ප්‍රදේශය මේවා අතරින් වැදගත් විය. අනුරාධපුර අගනුවර අයත් රජරට ප්‍රදේශය පස්ස නම් වූ පාලන කොට්ඨාස කිහිපයකටද බෙදා තිබුනි. උතූරු දිග , උත්තර පස්ස නැගෙනහිර දිග ප්‍රාචීන පස්ස දකූණු දිග දක්ඛිණ පස්ස හා බටහිර දිග පශ්චිම පස්ස යනුවෙන් මෙම පාලන ප්‍රදේශ හැඳින්විය. පස්ස යන කොටස දේශ යනුවෙන්ද හඳුන්වා ඇත. රුහුණේ සිටි රජුගේ නියෝජිතයා රෝහණ භෝජක නමින් සෙල්ලිපි වල සඳහන් වේ.

මුල් කාලයේ යාපන අර්ධද්වීපය හඳුන්වා ඇත්තේ නාගදීප යනුවෙනි. වසභ රජුගේ කාලයේදී නාගදීපය , (යාපනය ප්‍රදේශය) මහරජු වෙනුවෙන් පාලනය කර ඇත්තේ ඉසිගිර නම් වූ ඇමතිවරයෙකි.

මහවැලි ගඟ , කළු ගඟ , මධ්‍ය කඳුකරය හා මුහුදු වෙරලින්ද වට වූූ , නැගෙනහිර හා දකූණු පෙදෙස් රුහුණු රට ලෙසද , දැදුරු ඔය සිට කළු ගඟ දක්වා විහිදී ගිය ප්‍රදේශය අනුරාධපුරයේ අග භාගය වන විට මායා රටේ පාලනය භාරව සිටියේ මාපා නැමති රජු ලඟම සිටි වැඩිමහල් සහෝදරයාය. මහරජ පදවියේ පුරප්පාඩු ප්‍රශ්ණයක් ඇතිවූ වහාම රජ රටට පැමිණ මාපා විසින්ම රජකම භාරගැනීමේ සම්ප්‍රදායක් එවකට පැවතූන බව පෙනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017