රාජ්‍ය පාලන ව්‍යුහය
 

රජතූමාගේ ප්‍රධානත්වයෙන් අගනුවර සිට මුළු රටට ම බලපාන ලෙස ගෙන යන්නා වූ පොදු හා සමස්ත පාලන ක්‍රමය මධ්‍ය පාලනය යනුවෙන් හැඳින්වේ.

ප්‍රාදේශිය පාලනය සඳහා මාපා , ඈපා වැනි තනතූරුවලට රජතූමාගේ සහෝදරයන් පත් කරන ලදි. සහෝදරයන් නොමැති අවස්ථාවක දී වෙනත් සමීප ඥාතීන් පත්කරනු ලැබූහ. පාලන කටයුතූ වල දී රජුට සහාය වීම සඳහා ඇමති මණ්ඩලයක් හා සෙසු රාජ්‍ය නිලධාරී හූ පිරිසක් වූහ.

ඇමති පහෙජ යනුවෙන් එකල හඳූන්වන ලද්දේ අමාත්‍ය පර්ෂ ද හෙවත් ඇමති මණ්ඩලයයි. මහාමාත්‍ය යනුවෙන් අගමැති හෙවත් ප්‍රධාන ඇමතිද , මහලේනා බඩගරික යන නම්වලින් ලේඛණ කටයුතූ හා භාණ්ඩාගාරය භාරව සිටි ඇමතිවරුද හැඳින්වූහ.

සේනාධිපති ඉතාම වැදගත් නිලධාරියකූ වූ අතර මුළු රටේම ආරක්ෂාව ඔහු අත පැවතිනි. අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිට මේ තනතූරට පත්කර ගනු ලැබූයේ රජුගේ ලඟම ඥාතියෙකි.

අනුරාධපුර යුුගයේ අපර භාගය වන විට යුධ හමුදා සංවිධානය පුළුල් ව වැඩුනු නිසා, හමුදාංක භාරව සේනාපති වරුන් රාශියක් පත්කර ගන්නා ලදි. සේනාපතිවරුන්ගේ නායකයා වූයේ සෙනෙවිරත් ය. ඔහු ද ඇමති මණ්ඩලයේ කෙනෙකි.

ජත්තග්ගාහක හා අසිග්ගාහක යනුවෙන්ද තනතූරු දෙකක් අනුරාධපුුරය මුල් භාගයේ සිටම විය. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිටම රටේ ආදායම් වියදම් ලියා තැබීමට ගණක යනුවෙන් තබන්නකූද , ද්වාර පාලක යනුවෙන් ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකූද සිටි බව පෙනේ.

නගර ගූත්තික යනුවෙන් හැඳින්වූයේ නගර ආරක්ෂක හෙවත් නගරාධිපති ධුරයට සමාන ධුරයකි. මේ සියළුම තනතූරු සඳහා රජුට අතිශයින්ම විශ්වාස , පක්ෂපාතී , අවංක කාර්ය මණ්ඩලයක් පත්කර ගැනීමෙහි ලා රජුගේ විශේෂ අවධානයක් තිබූ බව පෙනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017