මුළු දිවයිනේම අසහාය නායකයා රජු විය. රජකම ලැබුනේ පාරම්පරික උරුමයෙනි. රජකම නීත්‍යානුකූල වීමට අභිෂේකය ලබා සිටිය යුතූ විය. රාජ කකූධ භාණ්ඩ සහිතව අභිෂේක මංගල්‍යයන් පැවැත් වචූ අයුරු වංශකථාවල සඳහන් වේ.
රට වැසියා ආරක්ෂා කිරීමද ඔවුන්ගේ අභිවෘද්ධියට අවශ්‍ය වාරි කර්මාන්තාදිය සලසා දීම ද ජනතාවගේ අධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය ආගමික සුභ සිද්ධිය සැලැසීම ද රජුට අයත් කටයුතූ සේ සැලකිණි.
ඉහත සඳහන් වූ පරිදි රජු රටේ ප්‍රධානියා වුවද , ඔහුට අත්තනොමතිකව මටයුතූ කල නොහැකි විය. රාජ්‍ය පාලනයේ දී ඇමතිවරුන්ගේ උපදෙස් ලට සවන් දීම , මහා සංඝයා වහන්සේලාගේ අදහස් වලට ගරු කිරීම ආදිය රජුගේ බලය සීමා කල සාධක ලෙස දැවිය හැකි ය. පෙර සිරිත් හෙවත් රජවරුන් අනුගමනය කල දශරාජ ධර්මය පිළිබඳව සැලකිලි මත් වීමටද රජුට සිදුවිය.අනුරාධ පුර යුගයේ අපර භාගයේදී රජවරුන් බෝසත්වරුන් ලෙස සැලකීමට ජනතාව පුරුදු වූ බව පෙනේ.
මේ ක්‍රමය බොහෝ විට සොලොස් මහරාජධානි කාලයේ ඉන්දීයාවේ අනුගමනය ක්‍රම හා සමගාමී වු බව පෙනේ.
අනුරාධපුර යුගයේ රජකම උරුම වීමේ ප්‍රධාන ක්‍රම දෙකක් විය. ඉන් එක් ක්‍රමයක් නම් පියාගෙන් තම වැඩිමහල් පුත්‍රයාට රජකම ලැබීමයි. නිදසුනක් ලෙස පණ්ඩුකාභය රජුගෙන් පසු , මුටසීව රජ වීම දැකිවිය හැකිය. අනෙක් ක්‍රමය වූයේ වැඩිමහල් සහෝදරයාට පසු ඊලඟට සිටින වැඩිමහල් සහෝදරයාට රජකම ලැබීමය. මීට නිදසුනකි , දේවානම්පියතිස්ස රජුට පසු ව අනු පිලිවෙලින් උත්තිය , මහාසීව , සූරතිස්ස , වැනි රජවරුන් පත්වීම. එසේ ම අන්තිම සහෝදරයාගෙන් පසු සිංහාසනය හිමිවූයේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයාටය. මේ ක්‍රම දෙක වරින් වර පැවති බව පෙනේ. රාජ උරුමයක් , රජකම සඳහා තිබිය යුතූ ම විය.
