9 වන ශත වර්ෂය වන විට අනුරාධපුර රාජධානිය දියුණුවේ හිනි පෙත්තටම නැග සිටි අතර මහත් සශ්‍රීක රාජ්‍යයක්ද විය. මේ සමඟම දකුණු ඉන්දියාවේ සහ ඉන්දීය සාගරයේ චෝල බලය වැඩී ආවේය. ක්‍රි.ව. 933 දී චෝල අධිරාජ්‍යයා අනුරාධපුරය ආක්‍රමණය කර නගරය කොල්ල කෑ අතර අනුරාධපුර නගරයට ගිනි තබා විනාශ කළේය.
චෝල වරුන් විසින් ශිවා දෙවියන් වෙනුවෙන් දේවාල තනා, ජනයාට එය අදහන්නට බල කරමින්, බුද්ධාගමේ පරිහාණියට කටයුතු කළහ. මේ අනුව අනුරාධපුර ශුද්ධ නගරය පරිහානියට ගියේය. රුවන්වැලිසෑය විනාශ කළ අතර එය අද තිබෙන ප්‍රමාණයට වඩා විශාලව තිබුණු බව සැලකේ. අනුරාධපුර නගරය වල් බිහිවී පාළුවට ගිය අතර බොහෝ ජනයා ආරක්‍ෂාව පතා රුහුණට හා නිරිතට සංක්‍රමණය වූහ.

අනුරාධපුර රාජධානි සමයේ විශාල ජන සංඛ්‍යාවක් විසුවද, ඔවුන් බොහෝමයක් යුදය නිසාද, මැලේරියාව වැනි උණ රෝග වලින්ද හා ආහර හිඟය නිසා මරු මුවට පත් වූහ. තවත් අය දකුණට හා මුහුදු බඩට පලා ගියහ. චෝල රජුන් විසින් ජනතා සුභ සිද්ධියට කිසිවක් නොකරන ලද අතර, ජනතාව පීඩාවට පත් කළහ. අනුරාධපුරය අත්හැර දැමූ චෝල පාලකයෝ පොලොන්නරුව පාලන මධ්‍යස්ථානය කරගත්තේ රුහුණින් එන ප්‍රහාරයකට මුහුණ දීමටය.
චෝල අධිරාජ්‍යය :
දකුණු දිග ඉන්දියාවේ බිහිව ශ්‍රී ලංකාව, මාල දිවයින ඇතුලු නැගෙනහිර ආසියා රටවල් කරා විහිදුණු චෝල අධිරාජ්‍යය දකුණු ආසියාවේ බලවත්ම අධිරාජ්‍යයක් ලෙස හැඳින්විය හැක. කරිකාල චෝලා, රාජරාජ චෝලා, රාජේන්ද්‍ර චෝලා, කුලෝතුංග චෝලා රජවරු චෝල අධිරාජ්‍යය නැංවූ බලවත් රජවරුය. චෝල අධිරාජ්‍යය බලවත්ම වූයේ 10-12 වන ශත වර්ෂ වලදීය. එය හමුදාමය, සංස්කෘතිමය හා ආර්ථිකමය බලයක් වීය. දකුණු ඉන්දියාවේ කන්චිපුරම් හා මදුරාසිය ඔවුනගේ අගනගරය වීය.