ප්‍රාදේශිය උත්සව අවස්‌තාවල අපට හමුවෙන නර්තන
 



පාරම්පරික වශයෙන් අපට උරුම වී ඇති සංස්‌කෘතික දායදයන් සහ සාරධර්ම ආරක්‍ෂා කරගෙන පවත්වාගෙන යාමට අපේ සමාජය තුලින්ම විවිධ ක්‍රම උපාය මාර්ග යොදා ගෙන ඇත. නර්තන අංගයක්‌ තුලින් අප විශාල වශයෙන් බලාපොරොත්තු වන විනෝදාස්‌වාදයයි. ඒ සඳහා විවිධ ආකරයේ උත්සව සංස්‌කෘතික අංග, ආගමික උත්සව ආදිය පවත්වයි.
 
 නැටුම් ගැයුම් වැයුම් ඇතුලත් විවිධ උත්සවයක්‌ ඔබ නරඹා ඇතුවාට සැකයක්‌ නැත. ඒ අතර
 
 * පංසලේ හෝ දේවස්‌තාන ආශ්‍රිත පෙරහැර
 * දේවාල ආශ්‍රිත මඩු ශාන්ති කර්ම
 * ගමට හා ප්‍රදේශයට සෙත් පතා කරන ශාන්ති කර්ම
 * අවුරුදු උත්සව, නිදහස්‌ උත්සව වැනි ජාතික උත්සව
 * ගමේ විවිධ උත්සව සඳහා පවත්වන සංස්‌කෘතික සන්දර්ශන
 
 ආදිය දැක්‌විය හැකිය.
 
 මෙම උත්සව අංග වලදී අපට විවිධ වූ නර්තන අංග, ගැයුම් වැයුම් දක්‌නට ලැබේ. ගමේ පැවැත්වෙන උත්සව වලදී ලී කෙලි, කළගෙඩි, සවරම්, චාමර, ගොයම් කැපුම වැනි ගැමි නර්තන අංග සුලබව දක්‌නට ලැබේ. සංස්‌කෘතික සන්දර්ශන ආශ්‍රිතව සාම්ප්‍රදායානුකූල වන්නම් වැනි නර්තන අංග දක්‌නට ලැබේ. අවුරුදු උත්සව වලදී, රබන් ගැසීම්, ඔංචිලි වාරම්, ඔළිද කෙලි, අංකෙලි ආදී ගැමි සෙල්ලම් දක්‌නට ලැබේ.
 
 ගමේ හෝ ඔබ ප්‍රදේශයේ පවත්වන උත්සව වලදී ඔබට දක්‌නට ලැබෙන නර්තන අංගයන් හොදින් නරඹන්න. රසවිදින්න. ඔබේ යහලුවන් සමග ඒවා පිළිබඳව සාකච්චා කරන්න. ඔබේ නර්තන ගුරුවරයා සමග ඔබ දුටු නර්තන අංග පිළිබදව විමසන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017