අනුරාධපුර රාජධානි සමයේ අපේ රටේ නර්තන කලාව පැවති ආකාරය පිළිබඳ වූ ප්‍රධාන මූලාශ්‍ර කිහිපයකි.
1. වංශ කතා
2. සාහිත්‍ය කෘතීන්
3. සෙල්ලිපි
4. රූ කම්, කැටයම් හා චිත්‍ර.
වංශ කතා අතරින් මහාවංශයේ හා අනෙකුත් වංශ කතා වල පහත සඳහන් අවස්‌ථා එකල්හී සිරිලක නර්තන කලාව පැවතියේය යන්න පිළීඹිබු කරයි.
* "සිරිය වස්‌ථු පුරයෙහි නැටුම් තූර්ය වාදන ගීත රාවය සහිත මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුනු යක්‍ෂයින් ගේ අවාහ මංගල්‍යක් විය" යනුවෙන් මහවංශ කතාවේ සඳහන් වෙන්නේ විජයාවතරණයට පෙර මෙහි නැටුම් පැවති බවට සාක්‍ෂි දරමිනි.
* දුටුගැමුණු රජු නළගනුන් 16000ක් පිරවරා ගෙන පැමිනි රුවන් වැලි සෑය බඳින උත්සවයට සහභාගී වූ බවද මහවංසයේ සඳහන් වෙයි. මේ පිලිබඳව ථූපවංශයේද සඳහන් කොට ඇත. එය පහත පරිදි වේ.
" කනක , කටක, රසන, නුපුර, තඩංග, පාදංගුලි, පදපට, පාමුදු, පාසළඹ... රන් සවැඩි, රුවන්තෝඩු, කොණ්‌ඩමල්, ආදී ආභරණ පැළඳ සුජාතාව නම් දිව්‍යාංගනාවට සමාන වූ සොළොස් දහසක් ස්‌ත්‍රීන් පිරිවරා..ගැටබෙර, පනාබෙර, එකැස් බෙර ..." ආදී වශයෙන් එම අවස්‌තාව පෙන්වාදී ඇත.
*. මහදැලියමානා රජු විසින් මිහින්තලේ අම්බස්‌තල දාගැබ විවෘත කිරීමේදී නාටක පැවැත්වූ වගක්, දීපවංශය කෘතියේ සඳහන් වේ.
සාහිත්‍ය කෘති අතර....
* සමන්තපාසාදිකාව යන කෘතියෙහි සඳහන් අන්දමට, ථූපාරාමයේ නිදන් කිරීම සඳහ ක්‍රි.පූ. 3 වැනි සියවසේ, ධාතුන් වහංසේලා ඇතකු පිට වැඩම වූ බවත් අනේක විද තාලාචරයින් විසින් ඇතා කැඳවාගෙන ආ බවත් සඳහන් වේ.
* රසවාහිණිය නම් කෘතියෙහි සඳහන් " ගිරිකණ්‌ඩ පුජා " නැමැති උත්සවයක් ගැන තොරතුරු අතර, නැටුම් ගැයුම් හා වැයුම් වලින් සමන්විතවූ උත්සවයක් බවට එහි සඳහන් ව ඇත. වීදී සරසා තොරන් බැඳ, පහන් දල්වා, නැටුමෙන් ගැයුමෙන් එම උත්සවය අලංකාර වූ වග එහි සඳහන් ය.
සෙල්ලිපි...
* " සැස්‌සේරුව හා කොරවක් ගල්ලෙන් " ( ක්‍රි.පූ 1 සියවස ) ශිලාලිපියේ මෙසේ සටහනකි. " නටන ගෘහපතියා විසින් පවරා දෙන ලදි හා නටන ගෘහපතියාගේ දුව විසින් පවරා දෙන ලදි " . මෙහිදි යම් නැටුමෙහි දක්‍ෂ හෝ නැටුම් කරවූ පරපුරක් ගැන කියැවෙන්නක් බවට අපට අනුමාන කල හැක.
* දසවැනි සියවසේ සෙල්ලිපියක, "සොම්නස් බෝමගුල" නම් උත්සවයක් ගැනත් එම උත්සව පවත්වන ලද්දේ නැටුම් ගැයුම් වැයුම් නෘත අංග ඇතුලත් ව බවත් සඳහන් වේ.
රූකම් හා කැටයම් වල...
* ලෝවාමහපායේ ගල්කනු වල, විණා වාදකයින්, තාලම්පට, හක්‌ගෙඩි, නළා, හොරණැ, එකැස් බෙර, උඩැක්‌කි වාදකයින් දක්‌නට ලැබේ.
*. අනුරපුර යුගයෙ නිර්මාණයක් වූ කුට්‌ටම් පොකුණෙ අඩිතාලම යටින් සොයා ගත් ලෝකඩ වලින් නිර්මිත නිළියකගේ රූපයක් වේ. එම රූපයට අනුව, ශරීරයේ අතපය වනා හිස සොලවමින් කැරකෙන වේගවත් නැටුම් එකල තිබූ බවට සනාථ කර ගත හැකිය.