ද්‍රවයක උකුබව හා එහි ගුණ
 

ද්‍රවයක් ගලායාම හෝ පැතිරීයාම ඉතා ඉක්මණින් සිදුනොවීමට හේතුව එම ද්‍රව්‍ය උකුබවින් යුක්ත වීමයි.

උදාහරණය:


අඩක් පිරුණු පැණි බෝතලයක් හෝ සායම් බඳුනක් ඇල කරන්න.

එවිට එම ද්‍රව්‍ය සෙමින් ගලායන බව පෙනේ.

එවැනි බඳුනක් සෙලවුනහොත් තිබූ පරිදි තැම්පත් වීමට වැඩි කාලයක් යයි.

මෙම ද්‍රව බදුනකින් තවත් බඳුනකට වත්කිරීමද අපහසුය.

මෙවැනි ද්‍රව එසේ හැසිරෙනුයේ ඒවාහියේ උකුබව නැමති ගුණය නිසාය. 
 
ද්‍රවවල උකුබව එකිනෙකට වෙනස්වේ.

එය වඩාත් හොඳින් පැහැඳිළි කර ගැනීමට පරීක්ෂණයක් කරමු.
  
අවශ්‍ය ද්‍රව්‍ය :
උකු ද්‍රව කිහිපයක්,

සෘජුකෝණාශ්‍ර වීදුරු තහඩුවක්,

ලී කුට්ටියක්,

විරාම ඝටීකාවක්.
 
 

වීදුරු තහඩුව තිරස්ව තබාගෙන එහි දාරය ආසන්නයේ උකු ද්‍රවවලින් බිංදු දෙක බැඟින් තබන්න.
 

පසුව රූපයේ දැක්වෙන ආකාරයට ද්‍රව බිංදු ඉහලින් සිටින සේ වීදුරු තහඩුව ඇලයට තබන්න.
 

විරාම ඝටිකාව ක්‍රියාත්මක කර වීදුරු තහඩුවේ පහල දාරය තෙක් ගලායාමට ගතවන කාලය මනින්න. 

මලෙස කීපවරක් කර නිරීක්ෂණ ලබාගන්න.
 
ද්‍රව ගලායන වේගය එකිනෙකට වෙනස්බව පෙනේ. සමහර ද්‍රව ගලායාමට වැඩිකාලයක් ගතවේ.
 

ද්‍රවවල උකුගතිය වැඩි කර ගන්නා අවස්ථා කිහිපයක්

1. රස කැවිලි සාදා ගැනීමට පැණි සකස් කිරීමේදී පැණි රත් කිරීම.

2. ශරීරයේ ආලේප කරන සමහර ද්‍රව බෙහෙත් අව්වේ තබා කැකෑරීම.

3. කැඳ වර්ග, තලප වැනි ද්‍රව ආහාර රත්කිරීම.

4. ද්‍රව වී ඇති අයිස්ක්‍රීම් සිසිල් කර ගැනීම.
 

ද්‍රව වල උකුබව අඩුකර ගන්නා අවස්ථා.
 

1. මහාමාර්ග වලට තාර දැමීමේදී තාර රත්කිරීම.

2. බිත්තිවල තීන්ත ආලේප කිරීමේදී ඉමල්ෂන් තීන්තවලට ජලය මිශ්‍ර කිරීම.

3. ගෘහ භාණඩවල තීන්ත ආලේප කිරීමේදී එනැමල් තීන්තවලට තිනර් දැමීම.
 
ද්‍රාවකය හා ද්‍රාව්‍යය හදුනා ගනිමු.
 

සීනි උණු ජලයේ දිය කරන විට හොඳින් දියවේ. ලුණු දියරයක් සෑදීමේදි ලුණු කැට හෝ ලුණු කුඩු ජලයේ දියකරයි. සීනි ද්‍රාවනයක සීනි,ද්‍රාව්‍යය වන අතර ජලය ද්‍රාවකය ලෙසත් හඳුන්වයි.
 

ද්‍රාවනයක් සෑදීමේදී එයට යොදා ගන්නා ද්‍රව්‍යය ද්‍රාවකය ලෙසත් දියකිරීමට ගන්නා ද්‍රව්‍යය ද්‍රාව්‍යය ලෙස හැඳින්වේ.
 

ලුණු, සීනි වැනි ද්‍රාව්‍ය දියකිරීමේ හැකියාවක් ජලයට ඇත. ජලයේ ද්‍රාවක ගුණය නිසා එවැනි ද්‍රව්‍යය ජලයේ දියවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017