ඝනත්වය සෙවිම සඳහා යොදාගන්නා උපකරණය ද්‍රවමානය ලෙස හැඳින්වේ. එම නලය ක්‍රමාංකනය කරනලද එකකි.
එහි එක් කෙලවරකින් ඊයම් බෝලයක් සවිකර ඇත.
එය ද්‍රවයක් තුල තැබූ විට ඊයම් බෝලය යොදා ඇති කෙලවර ගිලෙමින් සිරස් අතට පාවෙයි.
ද්‍රවමානය කොපමණ ගිලී ඇතිද යන්න එහි ද්රමාංකනය කළ කොටසින් කියවා ගැනීමට හැකිය.
ද්‍රවමානය උපයෝගී කරගනිමින් ද්‍රවවල ඝනත්වය මැනීමේ පරීක්ෂණයක් කරමු.
ජලයේ දියවී ඇති ද්‍රව්‍ය ප්‍රමාණය අනුව ජලයේ ඝනත්වය වෙනස්වේද ?
• ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය : සීනි, ලුණු හා යූරියා පොහොර, මිනුම් සරාවක්, කලතන කූරක්, ද්‍රවමානයක්.
• මිනුම් සරාවකට ජලය 500ml ක් දමාගන්න.
• සීනි මේස හැඳි 4ක් එයට දමාගෙන කලතා දිය කරගන්න.
• දැන් සීනි දියකළ ජලයේ ඝනත්වය ද්‍රවමානය ගිල්වා අගයක් ලබාගන්න.
• ඒ ආකාරයට ජලය 500ml ක ද්‍රව්‍ය මේස හැඳි 4 ක්, බැඟින් ගෙන ලුණු ද්‍රාවනයක් සහ යූරියා පොහොර ද්‍රාවනයක් සාදාගෙන ඒවායේ ඝනත්වය ද්‍රවමානය ගිල්වා අගයක් ලබාගන්න.
ලබාගත් අගයන් අනුව පැහැඳිලි වන්නේ විවිධ ද්‍රව්‍ය ජලයේ දියවූ විට ජලයේ ඝනත්වය වෙනස් වන බවයි.