නැවක ප්ලිම්සොල් රේඛාව
 

 
 
 
 
විවිධ සාගරවල ජලයේ ඝනත්වය එකිනෙකට වෙනස්වේ. එසේ වන්නේ ජලයේ දිය වී ඇති ලවන ප්‍රමාණය එකිනෙකට වෙනස්වීමයි

ඒවාගේම සාගර ජලයේ උෂ්ණත්වය ද ඝනත්වය වෙනස්වීමට බලපායි.

නැවක් සාගරයේ ගිලිමේදි එයට බලපානුයේද ජලයේ ඝනත්වයයි.

එනිසා එකිනෙකට වෙනස් ඝනත්වයකින් යුත් සාගර වලදී නැවකට නිරුපද්‍රිතව පැටවිය හැකි බර ප්‍රමාණය තීරණය කිරීම සඳහා නැවක බඳේ දිය ඉම අලස ලකුණුකර ඇති රේඛාවේ සහයගනු ලැබේ.

මෙම රේඛාව ප්ලිම්සෝල් රේඛාව වේ.

එම රේඛාවේ වම් පසින් මිරිදියේ ගිල්විය හැකි ප්‍රමාණයද දකුණු පැත්තේ කරදියේ ගිල්විය හැකි ප්‍රමාණය ද ලකුණු කර ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017