ද්‍රාවණ වල ඝණත්වය හා ඉපිලීමේ ගුණය
 

ඉපිලීම යනු ද්‍රවයක යම් දෙයක් පාවීමයි.

ඝනත්වය වැඩි ද්‍රවයක් තුල ඝනත්වය අඩු ද්‍රව්‍යයක් දැමුවහොත් කුමක් වේදැ?

ඝනත්වය වැඩිද්‍රවයක් තුල ඝනත්වය අඩු ද්‍රව්‍යයක් ද්‍රවය මත පාවේ.

 

මෙලෙස පාවෙන්නේ අඩක් ද්‍රවයෙන් ඉහළ හා අඩක් ද්‍රවය තුලය.


යම් වස්තුවක් ද්‍රවයක් මත පාවීම ඉපිලීම ලෙස හදුන්වයි.

 

අපි මේ සම්බන්දයෙන් විවිධ පරීක්ෂණ කීපයක් කරමු.

 
වස්තුවක් ජලයේ ඉපිලෙන ප්‍රමාණය , එහි දියකරනු ලබන ද්‍රව්‍ය වර්ගය අනුව වෙනස්වන බව පහත පරීක්ෂණයෙන් පැහැඳිළි වේ.
 
මෙම පරීක්ෂණය සඳහා මිලිමීටර් ප්‍රමාණය ලකුණු කළ කඩදාසි තීරුවක් අලවාගෙන ඊට උඩින් සෙලෝපේන් තීරුවක් අලවා පරීක්ෂණ නලයකට වැලි ටිකක් දමාගෙන ඉපිලෙන වස්තුව ලෙස යොදාගත හැකිය. (මිලිමීටර ලකුණු කරගත් කඩදාසී තීරුව පිරිමාණය පෙනෙන සේ ඇතුල් බිත්තියේ අලවාගන්න.)
 
මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කරන්න. එහි ප්‍රතිඵල අනුව නිගමනයකට එන්න. 
 
මෙම ඉපිලීමේ ගුණය නිසා ගත හැකි ප්‍රයෝජන කීපයක් පහත වේ.
 
1. බීජ වලින් බොල්බීජ ඉවත් කර ගැනීමේදී : ගොවීන් බීජ සිටුවීමට පෙර හොඳ බීජ ඉවත්කර ගැනීමේදී ජලය බඳුනකට බීජ දමා පාවෙන බීජ ඉවත්කර හොඳ බීජ වෙන්කරගනී.
 
2. ජලය හරහා භාණ්ඩ හා මගීන් ප්‍රවහානය කිරීමේදී ඔරු පාරු යොදා ගැනීම.

(c) Shilpa Sayura Foundation 2006-2017