ද්‍රව්‍යක ඝණත්වය
 

ඕනෑම ද්‍රවයකට යමිකිසි සැහැල්ලු ගතියක් නැතිනම් යම් කිසි බර ගතියක් ඇති බව ඔබ දනී.

අපි මෙම විවිධ ද්‍රව වල මෙම ලක්ෂණය පිළිබඳව අධ්‍යනයක් කරමු.

මෙම පරීක්ෂණය සදහා පහත දැක්වෙන උපකරණ ලැයිස්තුව සකසා ගන්න.  

ඒ සඳහා අවශ්‍ය පහත ද්‍රව්‍ය සපයාගන්න.

1. මූඩිය සහිත සමාන කුඩා කුප්පි කිහිපයක්
2. කුඩා බර ප්‍රමාණයක් මැනිය හැකි තරාදියක්
3. ජලය, භූමිතෙල්, පොල්තෙල්, මී පැණි

සමාන ප්‍රමාණයන්ගෙන් කුප්පිවලට ද්‍රවයන් දමා මූඩි වසාගන්න.
ඉන් පසුව ඒවා හොඳින් පිසදමාගෙන පහත දැක්වෙන රූපයේ පරිදි එකිනෙකක් සමඟ මාරුවෙන් මාරුවට කිරාගන්න.

ඉන් පසුව ද්‍රවවල බර අනුව ද්‍රව ලැයිස්තුවක් පිළියෙල කරන්න.

බර අනුව ලියාගත් ද්‍රව ලැයිස්තුවත් ඝනත්ව අගයන් අනුව ලියාගත් ලයිස්තුවත් අතර සම්බන්ධයක් තිබේද?

ද්‍රවවල බර ගතිය වෙනස්වී ඇති අනුපිළිවල ඒවායේ ඝනත්ව වෙනස්වී ඇති අනුපිළිවලට සමානවේ.

ඒ අනුව යම් ද්‍රවයක ඝනත්වය, එම ද්‍රවයේ බර ගතිය / සැහැල්ලු ගතිය පෙන්නුම් කරන මිම්මකි.

එනිසා බර ගතිය, සැහැල්ලු ගතිය වෙනුවට ඝනත්වය ලෙස හදුනා ගනිමු.

(c) Shilpa Sayura Foundation 2006-2017