ශාන්ති කර්මයක ඇතුළත් ප්‍රධාන අංග
 

ඔබ ඉගෙන ගන්නා නර්තන සම්ප්‍රදාය කවරක්‌ වුවද සම්ප්‍රදායන් තුනටම අයත් ප්‍රධාන ශාන්ති කර්ම පිළිබඳව පොදු අවබෝධයක්‌ සෑම කෙනෙකු තුළම තිබිය යුතු යැයි අපේකෂා කෙරේ.
 
 ඒ අනුව උඩරට නැටුම් ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහතරට දෙවොල් මඩුව සහ සබරගමු පහන් මඩුව පිළිබඳවත් පහතරට නැටුම් ක්‍රම ඉගෙන ගන්නා සිසුන් උඩරට කොහොඹා කංකාරිය සහ සබරගමු පහන් මඩුව පිළිබඳවත්, සබරගමු නැටුම් ඉගෙන ගන්නා සිසුන් උඩරට කොහොඹා කංකාරි සහ පහතරට දෙවොල් මඩුව ගැනත් මූලික අවබෝධයක්‌ ලබා තිබිය යුතුය. එකී ශාන්ති කර්ම පැවැත්වමේ අරමුණ පුදපූජා රටාව, විශේෂ නර්තන අංග, වාදන භාණ්‌ඩ යනාදිය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක්‌ ලබා තිබීම ප්‍රමාණවත් ය.
 
 එසේ වුවද තමන්ගේ සම්ප්‍රදායට අයත් ප්‍රධාන ශාන්ති කර්මය පිළිබඳව විස්‌තරාත්මක දැනුමක්‌ ද තමන්ගේ සම්ප්‍රදායේ යෙදෙන වෙනත් ශාන්ති කර්ම ගැන සාමාන්‍ය දැනීමක්‌ ද ලබා තිබීම අවශ්‍යවනු ඇත. තමන් ඉගෙන ගන්නා නර්තන සම්ප්‍රදායට අදාළව පහත සඳහන් තොරතුරු අධ්‍යයනය කිරීම වැදගත් ය.
 
 * පුරාවෘත කථාව
 * පැවැත්වමේ අරමුණු - සම්ප්‍රදායික අරමුණු හා අද්‍යතන අරමුණු.
 * නර්තන අංග
 * රංග මණ්‌ඩලය හා සැරසිලි
 * වාදන භාණ්‌ඩ
 * රංග වස්‌ත්‍රාභරණ
 * නාට්‍යමය ලක්‌ෂණ
 * සංස්‌කෘතික වටිනාකම

(c) Shilpa Sayura Foundation 2006-2017