ශාන්ති කර්මවල ඇති සංස්‌කෘතික වටිනාකම
 

ශාන්ති කර්ම යනු අපේ දේශිය උරුමයකි. අපේ ජාතික අනන්‍යතාව පැහැදිළිවම නිරූපනය කරන සංස්‌කෘතික දායාදයකි.
 
 ශාන්ති කර්ම පැවැත්වමේ දී
 * ගමේ සියලුම දෙනා ඒකරාශි වෙති
 * ඔවුන් අතර සහයෝගය වර්ධනය වෙයි.
 * අන්‍යාන්‍ය වශයෙන් බැඳිමකින් යුතුව පොදු කාර්යයක්‌ සේ සලකා කැපවීමෙන් වැඩ කටයුතුවලට සහය වෙති.
 * ශාන්ති කර්මයේදී බත බුලතින් ආගන්තුකයන්ට සත්කාර කරනු ලබයි. (නැරඹිමට පැමිණි අයට)
 * උස්‌ පහත් බේදයකින් තොරව එකම පැදුරක වාඩි වී ශාන්ති කර්මය නරඹති. එමගින් එකමුතු කම ඇතිවේ.
 
 ශාන්ති කර්මයට සහභාගී වන ශිල්පීහු
 

 * වත් පිළිවෙත් රකිති. ආගමානුකූලව කටයුතු කරති.
 * එකිනෙකා අතරේ ආචාර සමාචාර කරති.
 * වැඩිමහලු ශිල්පීන්ට ගෞරව කරති.
 * ශිල්පීය දක්‌ෂතා ඇති අය අගය කරති.
 * සඟ මහලු පිළිවෙළට හෙවත් ගුරුගෝළ තාවයන් අනුව ගුරුවරයා පෙරටු කොට ගනිති.
 * තමා ප්‍රයෝජනයට ගන්නා වාදන භාණ්‌ඩ ඇඳුම් පැළඳුම් ආදියට ගෞරව කරති.
 * එමගින් ඔවුහු අපට ආදර්ශයක්‌ ලබා දෙති.
 
 ශාන්ති කර්මයක අන්තර්ගත වූ
 * ගායන වාදනය අපේ අගනා සංස්‌කෘතික උරුමයන්ය.
 * එහි එන සැරසිලි, කැටයම්, චිත්‍ර මූර්ති ආදිය වටිනා කලාත්මක නිර්මාණයන් වේ.
 * එහි ඇතුළත් නර්තනාංග අපේ රටේ සංස්‌කෘතික උරුමය ආරක්‌ෂා කරයි. රටට ගෞරවයක්‌ ලබා දෙයි
 * එහි එන කථා පුවත්, නාට්‍යමය අංග වටිනා ගැමි සාහිත්‍ය නිර්මාණයන් ය.
 
 මේ අනුව බලන කල කවර සම්ප්‍රදායකට අයත් වුව ද ශාන්ති කර්ම යනු අප සතු ඉතාමත්ම වැඩි වටිනාකමක්‌ දරන්නා වූ ජාතික වස්‌තුන් බැවින් ඒවා ආරක්‌ෂා කිරීමත් නොනැසී පවත්වා ගැනීමට කටයුතු කිරීමත් අපේ වගකීමක්‌ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017