දඹදිව, හස්‌තිනාපුර භරත නම් රජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ සහිත, සාමාන්‍ය ජනතාවගේ කැමැත්ත පරිදි, වගකීමකින් යුතුව රාජ්‍ය පාලනය කල යුතු යැයි සිතා කටයුතු කල අයෙකි.
ප්‍රථම වරට ඔහු තම දරුවන් නව දෙනා සිටියදී සාමාන්‍ය අයකු තමන්ගෙන් පසු රජකමට පත් කළේය. කර්මය විශ්වාස කල ඔහු සිතුවේ යමකුගේ උපත, රජකෙනකු වීමට හෝ සුදුසු කමක්‌ම නොවන බවය.
මෙම කතාව ඇරඹෙන කල, ශන්තානු මෙම රජ පරම්පරාවේ වත්මන් හස්‌තිනාපුර රජ ය.
මහාභාරත වෘත්තාන්තයට අනුව හස්‌තිනාපුර ශන්තානු රජු ගංගානම් ගඟෙන් මතුවූ ගංඟා නමි කුමරිය සරණ පාවා ගනී. තමා සරණ කරගැනීමට කැමැත්ත දීමටනම් "කිසිදිනක මා කරන කිසිම දෙයක් ගැන මගෙන් ප්‍රශ්න කරන්න එපා"යි ඇය කල ඉල්ලීමටද ශන්තානු එකඟ වෙයි.
කලකට පසු ඟංගා බිසව ශන්තානුට දාව දරුවකු වැදුවාය. එහෙත් තම දරුවා බිහි වූ දිනයේම, ඇය තම දරුවා ගංඟානම් ගඟට දැමුවාය. ඇයට වූ පොරොන්දුව පරිදි ශන්තානු රජුට ඒ ගැන ප්‍රශ්න කිරීමට නුපුළුවන් විය. මෙලෙසින් ගංඟා විසින් වදන ලද දරුවන් හතක් ම වරින් වර ඇය ගංඟානම් ගඟට දැමුවාය.
අටවන දරුවාද ඉපදිනි: මෙවර ඇය දරුවා ගඟට දමන්නට සැරසෙද්දී, ඉවසිය නොහැකිවූ ශන්තානු ඇය එසේ කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය. ගංඟා තම දරුවන් ගඟට දැමීමට හේතුවූ අතීත කතාව කීවාය.
අතීතයේ එක් භවයකදී ශන්තානු මනුශ්‍ය ලෝකයේ රජකුවද, ගංඟා මහා බ්‍රහ්මයාගේ සුරූපී දුවණියද ව සිටියෝය. එකල්හි දිව් ලොව තිබුනු උත්සවයකට ශන්තානුටද ආරාධනා කෙරිණි. උත්සවයේදී ගංගා දිව්‍ය කුමරිය දිව්‍ය සභාවේ සිටි මනුෂ්‍යකු වූ ශන්තානු දුටු විටම ඔහු හා ප්‍රථම පෙමින් බැඳුනාය. එය නොරිස්‌සූ ඇගේ පිය මහා බ්‍රහ්මයා ශන්තානුටද හා ඇයටද ශාප කලේය. ඇය මනුශ්‍ය ලෝකයට පැමිණියේ මෙම ශාපයෙන් මිදීමටය.
ශන්තානුට දාව උපන් තම දරුවන් ගඟට දැම්මේ ඔවුන්ද එම ශාපයෙන් මුදවාලීමට බවද ඇය කීවාය. අනතුරුව ඇය අටවන දරුවා සමග පෙරළා දිව්ලොවට ගියාය. නිසි වයස් ආ කල තම දරුවා හස්‌තිනාපුරට එවන බව ඇය ශන්තානුට පොරොන්දු වූවාය. මෙදිනම ශන්තානුට අතරමගදී දමාගිය දරුවන් දෙදෙනකු හමුවේ.
තමන්ට එම දරුවන් හදාගැනීමට නොහැකි'යි කියන ශන්තානු රජ, දරුවන් දෙදෙන (0) බ්‍රාහ්මණයාට හදා වඩා ගැනීමට භාර දුණි. පිරිමි දරුවා කිර්පා යනුවෙන්ද හා ගැහැනු දරුවා කිර්පී යනුවෙන්ද නම් කෙරේ. ඔවුන් මෙම කතාවේ පසුව හමුවේ.
මෙලෙස තවත් දහසය වසරක් ගතවිය. දිනක හිමිදිරියේ යමෙක් ගංගානම් ගඟට ඊතලයක් විද, ඉන් ඊතල පවුරක් මවා ගඟ හරස් කර දිය ගැලීම නවතනු ශන්තානු රජ දකියි. ගඟ අසලට යන ඔහුට හමුවන්නේ ගංඟාය. ඊතලය විද්දේ ඔවුන් දෙපලට දාව උපන් අටවන පුත්‍රයාය: ඔහු දැන් කඩවසම් හා මනාව වැඩුනු හා දිව්ලොව ශිල්ප උගත් තරුණයෙකි.
පියා දැකි ඔහු, තවත් ඊයක් විද එම ඊ පවුර බිඳ දමා, නැවත ගංගානම් ගඟ ගැලීමට සලස්‌වයි. ගංඟාද පෙනී සිට තම පුතු පියාට භාරදුන් ගංඟා බිසව පිටත්ව යයි. ශන්තානුගේ අටවන පුත් මෙම කතාචේ දෙව්රත් කුමරු හෙවත් පසු කලෙක ගංගා පුත්‍ර භීශ්ම නම් වෙයි.
තරුණ දෙව්රත් ඔටුන්න හිමි කුමරා බවට ශන්තානු නම් කරයි. මෙකල්හි දඹදිව කිසිම අසරුවකු විසින් සෑදලය දැමීමට නොහැකි චණ්‌ඩ අශ්වයකු හස්‌තිනාපුරයට ගෙන එයි. ගංගා ප්‍රත්‍ර භීෂ්ම එම අසු තම සෙවනැල්ලට බියෙන්, සෑදලය දැමීමට ඉඩ නොදෙන බව තම ප්‍රඥාවෙන්ම දැනගනී. අසු හිරුට මුහුණලා සිටවා, සෑදලය දමන දෙව්රත්, අසු පිට නැගී යන කල, හස්‌තිනාපුරය අල්ලා ගැනීමට එන (1) රජ හා සේනාව හමුවේ.
යුදට බට දෙව්රත් සුලං, ගිනි, වර්ශා තම ඊසරින් ඇතිකර (1) රජු හා සේනාව තනිවම ජය ගනී. විලංගු ලා හස්‌තිනාපුර ශන්තානු රජ වෙත ගෙන එන (1) රජුට ජීවිත දානය දෙන මෙන් දෙව්රත් තම පියාට යෝජනා කරයි. තම සතුරාට පවා මෛත්‍රී කීරීමේ ගුණය පෙන්වා (1) රජ නිදහස් කර යවන දෙව්රත් ගේ කීර්තිය දඹදිව පුරා පැතිරේ.
දිනක් ශන්තානු හා දෙව්රත් හස්‌තිනාපුර වනයට දඩකෙලි පිණිස යති. තනිවම වන සරණ ශන්තානු රජුට ඔරු පදිනා සත්‍යවතී නම් සුරූපී බ්‍රාහ්මණ තරුණියක හමුවේ. සඳසාවා දැකි දරුවකු මෙන්, සත්‍යවතී පිළිබඳ සිතක් ඇති කර ගන්නා ශන්තානු, ඇගේ පියාවන (2) බ්‍රාහ්මණ ගෙන්, ඇය සරණ කර ගැනීමට අවසර පතයි]. මෙම දිනය එළබෙන බව තමා දැන සිටි බව කියන (2) බ්‍රාහ්මණ තෙමේ, තමා එම විවාහයට එකඟ වීමට නම් හස්‌තිනාපුර රජකම හිමිවිය යුත්තේ ශන්තානු පුත් දෙව්රත්ට නොව තම දුවණියගෙන් ශන්තානුට ලැබෙන දරුවකුට බච ද පවසයි.
තම එකම පුත් දෙව්රත් ට අසාධාරණයක් වන මෙම ඉල්ලීමට එකඟ විය නොහැකි වූ ශන්තානු මහත් සිත් තැවුලට පත් වී ගිලන් වේ. සිය පියාණන් ගේ සිත් තැවුල ගැන දැනගන්නා දෙව්රත් (2) බ්‍රාහ්මණ හමුවී, තමන් හස්‌තිනාපුර රජකම නොපතන බව කියා, තම පියාට සත්‍යවතී විවාහ කරදෙන මෙන් ඉල්ලයි. 2) බ්‍රාහ්මණ තෙමේ කියන්නේ, "ගංගා පුත්‍ර භීෂ්ම, ඔබට එසේ පොරොන්දු විය හැකි උවද, ඔබගෙන් ඇතිවන දරුවන්ගෙන්, සත්‍යවතීගේ දරුවන්ට කරදර නොවේවි යයි කියා ඔබට පොරොන්දු විය නොහැකිය" කියාය.
මෙහිදී දෙව්රත් තමන් හස්‌තිනාපුර රජකම නොපතන බවද, දිවි ඇති තෙක් බ්‍රහ්මචාරීව දරුවන් නොලබා සිටින බවට සියළු දෙවියන් ඉදිරියේ ශපත කරයි. තරුණ දෙව්රත් කුමරු එම ශපත කිරීම කරද්දී දෙවියෝ කම්පා වූහ, අහස ගුගුරා විදුලිය කොටා මහ වැසි වැසිණි, මුළු මහත් හස්‌තිනාපුර කැළඹුනි, ජනයෝ හඬා වැටුනහ මාලිගය මළගෙයක් මෙන් විය. එවන් බිහිසුණු ශපත කිරීමක් කළ දෙව්රත්, එතැන් පටන් ගංගා පුත්‍ර භීෂ්ම නම් විය. ඔහුගේ පොරොන්දුව හස්‌තිනාපුර ඉතිහාසය වෙනස් කල හැටි පසුව දැන ගනිමු.
ශන්තානු හා සත්‍යවතී අතර විවාහයෙන් (3) හා (4) නමින් දරුවන් දෙදෙනකු බිහිවූහ. ශන්තානු මිය යද්දී හස්‌තිනාපුර ආරක්‍ෂාව තම වැඩිමහල් පුත් භීෂ්මට පවරයි. රජවූ (3) කුමාරයා කෙටි කලකදීම සටන් බිමකදී මරා දැමේ. (4) හස්‌තිනාපුර රජ වෙයි. මෙකල්හි මධිරා පුර රූමත් කුමරියන් තිදෙනාගේ ස්‌වයංවරයට හස්‌තිනාපුරට අරාධනා නොලැබේ.
ඊට හේතුව ගංගාපුත්‍ර භීෂ්ම, පෙර කලක මධ්රා පුර රජ කුමරිය හා විවාහ වීම ප්‍රතික්‍ෂේප කිරීමයි. ස්‌වයංවරයට ආරාධනා නොලැබීමෙන් උදහස් වූ භීෂ්ම ස්‌වයංවර දිනයේ මධ්රා පුරයට යයි. එහිදී අවඥාවට ලක්‌වන ඔහු, ස්‌වයංවරයට ආ සියළුම රජුන් ට අභියෝග කරයි. භීෂ්ම තම හී සරින් ස්‌වයංවරයට ආ රජුන්ගේ ඔටුනු මධ්රා රජු පාමුලට වැටෙන්නට සලස්‌වයි. ඉන් අනතුරුව භීෂ්ම අම්බා, අම්බාලි, අම්බාලිකා කුමරියන් රැගෙන එයි.
අම්බාලි කුමරිය බේරා ගන්නට එන (1) රජ එනම් ගේ අම්බාලියගේ පෙම්වතා, භීශ්ම විසින් පරදවනු ලබයි. එහිදී තමන් මරා දමන ලෙස කියන (1) රජට ගංගා පුත්‍ර භීශ්ම කියන්නේ "මා වරක් දුන් ජීවිතයක්, මා නැවත ආපසු ගන්නේ නැති" බවයි. හස්‌තිනාපුරයට එන භීෂ්ම අම්බාලිකා කුමරිය (1) රජු තම සැමියා ලෙස තෝරා ගෙන සිටි බච භීෂ්මට කියයි.
ඇයව නැවත (1) රජු වෙත යැවූවද, (1) රජ අම්බාලිකාව ප්‍රතික්‍ෂේප කරයි. නැවත හස්‌තිනාපුරයට එන අම්බාලිකා, ගංගා පුත්‍ර භීශ්මට තමන් විවාහ කර ගන්නා ලෙස ඉල්ලා සිටියි. දිව්රුමෙන් බැඳි භීෂ්ම එය ප්‍රතික්‍ෂේප කරයි. තමන් උපදින ආත්මයක් ආත්මයක් ගානේ භීෂ්මගෙන් පලිගන්නා බවට ශාප කරණ අම්බාලිකා තපසට වනයට යයි. මෙම කතාවේ ඉදිරියේදී ඇය නැවත හමුවේ.
අම්බා සහ අම්බාලි සරණ පාවාගන්නා (4) රජු දරුවන් නොලබාම හදිසියේ මිය යයි. හස්‌තිනාපුර සිංහාසනය හිස්‌වේ. රජ පවුලට දරුවන් ලබා දීමට රාජ මාතා සත්‍යවතී සහ ගංගා පූත්‍ර භීෂ්ම කතිකා කරයි. එහිදී රාජ මාතා සත්‍යවතී භීෂ්මට රහසක් හෙලිකරයි. ශන්තානු රජ හමුවීමට පෙර සත්‍යවතී තෙදවත් බ්‍රාහ්මණයකු එගොඩ කරවයි.
ඇය කෙරේ ඇළුම් කල බ්‍රාහ්මණ ඇය කන්‍යාවකව සිටීයදීම තමන්ගෙන් ඇයට දරුවකු ලබාදේ. එම දරුවා දැන් බල ඇති (5) තාපසයෙකි. භීෂ්ම ඔහු සොයා ගොස්, හස්‌තිනාපුරයට විත් අම්බා සහ අම්බාලිකාට දරුවන් ලබාදෙන මෙන් ඉල්ලා සීටී. හස්‌තිනාපුරයට එන තාපස තෙමේ, තමන් සිටින තාපස තත්වය අනුව එවැන්නකට සූදානමක් නැති නිසා ගිහියකු වශයෙන් එයට සූදානම් වීමට රාජමාතා සත්‍යවතීගෙන් වසරක් කල් ඉල්ලයි.
එවන් කාලයක් බලා සිටිය නොහැකි බව කියන සත්‍යවතී කරුණු කියා අම්බා හා අම්බාලි (5) තාපස වෙත එවයි. අම්බා තාපස තෙමේ දැක ඇස් වසාගනී, අම්බාලි බිය වෙයි. ඔවුන්ට තම බලයෙන් දරු සම්පත් ලබාදෙන (5) තාපස තෙමේ , බිසවුන්ගේ සේවිකාවටද දරු සම්පතක් ලබා දේ. තමා දැක ඇස් වසාගත් බැවින් අම්බාට ඉපදෙන දරුවි` අන්ධ වන බවත්, තමා දැක බියවූ බැවින් අම්බාලිගේ දරුවා දුර්වලයකුද වන බවත්, සේවිකාවට ලැබෙන දරුවා නිරෝගී හා බුද්ධිමත් වන බවත් (5) තාපසයා සත්‍යවතීට කියයි.
අම්බාට උපන් දරුවා දෘතරාෂ්ඨ උපතින්ම අන්ධයකු විය. අම්බාලියට උපන් දරුවා පාණ්‌ඩ්‍ය මනසින් දුර්වලයකු විය. ඔවුන්ගේ සේවිකාවට උපන් දරුවා විදුර් නම් විය. භීෂ්ම දෘතරාෂ්ඨට රාජ්‍ය පාලනයද, පාණ්‌ඩවට යුධ ශිල්පයද උගැන්වූ අතර සේවිකාවගෙන් උපන් පුත් සියළු දැනුමෙන්ද යුක්‌ත විය.
හස්‌තිනාපුර සම්මතයට අනුව දෑස් නොපෙනෙන කෙනකු රජ බවට පත් කිරීම නුසුදුසු බැවින් පාණ්‌ඩ්‍ය කුමාරයා රජ බවට පත් කෙරිණි. විදුර් අග්‍ර පුරෝහිත විය. දෘතරාෂ්ඨට යුවරජ විය. ගාන්ධාරයට යන භීෂ්ම, ගන්ධාරී කුමරිය අන්ධ දෘතරාෂ්ඨ කුමරාට විවාහ කර දෙන මෙන් ගන්ධාරයේ රජුට යෝජනා කරයි. ගන්ධාර රජු විවාහයට කැමැත්ත දුන්නත්, ඇගේ සොයුරු ශකුණී විවාහයට කැමති වන්නේ හස්‌තිනාපුර ගැන යටි අදහස් ඇතිවයි.
තම ස්‌වාමියා වන දෘතරාෂ්ඨ කුමරා අන්ධ බව දැනගන්නා ගන්ධාරී කුමරිය, තම දෙනෙත්ද සළුවකින් බැඳ වසා ගන්නේ තම ස්‌වාමියා ජීවත්වන අන්ධකාරය තමාද බෙදා හදා ගන්නා බව කියමිණි. එතැන් පටන් ඈ කිසිවක් දෙස නොබැලුවාය. වැඩිමහල් පුතා තමන් වීදු, උපන් ගෙයි අන්ධභාවය නිසා රජකම නොලැබීම ගැන දෘතරාෂ්ඨ සිටියේ මහත් කණස්‌සල්ලෙනි. මෙය ගන්ධාරී ගේ සොයුරා වූ ශකුණිට ලැබුණු අවියක් විය. ඔහු දෘතරාෂ්ඨට ක්‍රමයෙන් ලංවිය. විවිධ අවස්‌ථාවල රජකම දෘතරාෂ්ඨට ලැබිය යුතු බව කීවේය.
පාණ්‌ඩව රජු යුධකර හස්‌තිනාපුර දේශසීමා පුළුල් කර අග රජු කෙනකු බවට පත්වේ. ඔහුගේ කීර්තිය දඹදිව පතල වෙයි. මෙකල්හී මගධ රට කුණ්‌ටී නම් සුරූපී කුමරියගේ ස්‌වයංවර මංගල්‍යයට හස්‌තිනාපුරයටද ආරාධනා ලැබේ. ස්‌වයංවරයේදී කුණ්‌ටී පාණ්‌ඩ්‍ය රජ තම ස්‌වාමියා ලෙස තෝරාගන්නා ලදුව, දෙනො විවාහ වී හස්‌තිනාපුරයට පැමිණෙත්. මෙහිදී කුණ්‌ටී කවිරුත් නොදන්නා අතීත රහසක් සඟවා ගෙන සිටී.
පෙර කලක මගධ දේශයට වැඩි තෙදැති තවුසකුට, කුණ්‌ටී කරණ ලද පුද සත්කාර වලින් ප්‍රසාදයට පත්වන තවුසා ඇයට කැමති වරයක් ඉල්ලන්නට කියයි. තමන්ට ඉදිරි කලකදී ප්‍රයොජ්‍ය වන යමක් ඇය ඉල්ලා සිටී. තවුසා, කුණ්‌ටී ට තමන් කැමති දෙවියකු ගෙන්වා ගත හැකි බලගතු මන්ත්‍රයක් උගන්වයි. එම මන්ත්‍රය උගත් මුත්, එහි බලය සත්‍යදැ'යි දැනගැනීමට තරුණ කුණ්‌ටී කුමරිය සිතයි.
දිනපතා වන්දනා කරණ, තම සිත් බැඳි හිරු දෙවියන් ඇය විසින් මන්ත්‍රය කියා කැඳවුවාය. හිරු දෙවියන් ඈ වෙත පැමිණ, තමන් කැඳවූ කරුණ විචාලෝය. කුණ්‌ටී තමන් උගත් මන්ත්‍රය පරීක්‍ෂාවට යෙදු බවත්, එයට සමාවත් අයැද සිටියාය. තමන් ගෙන්වූ බැවින්, ඇයට යමක් නොදී යා නොහැකි ය'යි කී හිරු දෙවියෝ, කුණ්‌ටී කන්‍යාවක ව සිටියදී ම ඇයට තමන්ගෙන් දරුවකු දුන්නෝය. හිරු දෙවියන්ගේ ප්‍රත්‍රයා වූ ළදරුවා උපතේදීම සූර්ය සන්නාහ ඇඳුමකින් සැරසී සිටියහ. කුණ්‌ටී එම දරුවා පැසක දමා, රහසේම ගඟේ පා කර හැරියාය. ගඟේ පාවී ගිය දරුවා (6) දරුවන් නැති බ්‍රාහ්මණ යුවළක් විසින් හදා වඩා ගැණින. (7) ලෙස නම් කළ එම දරුවා පසු කලෙක වීරයෙක්‌ව අප කතාවට සම්බන්ධ වෙයි.
පාණ්‌ඩ්‍ය රජු යටතේ හස්‌තිනාපුර දේශය තව දුරටත් බලවත් විණි. මදුරා පුර ආක්‍රමණය කල කල්හි ඇතිවූ මිත්‍රත්වයක් අනුව මදුරා පුර රජුගේ සොහොයුරිය පාණ්‌ඩ්‍යට පාවා දිණි. පාණ්‌ඩ්‍ය රජ, තම අග බිසව කුණ්‌ටීගේ කැමැත්තද විමසා මදුරා කුමරිය විවාහ කොට ගනී. කාලයක් යුධ කර වෙහෙස වූ පාණ්‌ඬ්‍ය රජුට දරුවන් නොසිටි බැවින්, රජ සහ බිසවුන් රාජ්‍ය කාර්ය වලින් නිදහස්‌ව එකට විසිය යුතු බව රාජමාතා සත්‍යවතී ද ගංගා පුත්‍ර භීෂ්ම ද අග්‍ර පුරෝහිත විදුර ද පාණ්‌ඩ්‍ය රජුට කියා සිටියහු ය.
දෘතරාෂ්ඨට රජකම පැවරූ පාණ්‌ඩ්‍ය නිදහස්‌ව වාසය කරණු පිණිස කුණ්‌ටී හා මදුරා සමඟ වන ආශ්‍රමයකට යයි. ශකුණීට මෙය බලවත් ප්‍රීතියට කරුණක් විය. ඔහු දෘතරාෂ්ඨට තවත් ලංවිය. තම මදුරා බිසව හා කළ අසරු තරඟයකින් ජය ගන්නා පාණඩ්‍යට දරුවන් ලබාදෙන්නට කුණ්‌ටී හා මදුරා බිසෝවරු පොරොන්දු වෙති. අභාග්‍යකට මෙන් වන ආශ්‍රමයේ දී සිදුවූ අත් වැරුද්දකින්, පාණ්‌ඩ්‍ය රජුගේ හී සැරයකින් රමණයේ යෙදෙමින් සිටි බ්‍රාහ්මණයකු හා ඔහුගේ බිරිය මිය යයි. මිය යාමට ප්‍රථම පාණ්‌ඩ්‍යට ශාප කරණ බ්‍රාහ්මණ තෙමේ, පාණ්‌ඩ්‍ය තම බිසවුන් වැළද ගත් මොහොතක, ඔහු මිය යන ලෙසත්, ඔහුට දරුවන් ජාතක නොවන ලෙසත් ශාප කරයි.
අතපසුවීමකින් උවද තමන් අතින් සිදුවූ වරද ගැන මහත් සිත් තැවුලට පත්වන පාණ්‌ඩ්‍ය නැවත හස්‌තිනාපුරයට විත් රජකම දෘතරාෂ්ඨට පවරා, සාදු භාවයට පත්වන පිණිස බිරියන් සමග වනයට යයි.
වනයේ තවුසන් හා පූජා කරමින්, දහම් රකින පාණ්‌ඩ්‍ය බ්‍රාහ්මණයකු නොවූ නිසාද, දරුවන් ලද පියකු නොවූ නිසාද ඔහුව බ්‍රහ්ම ලෝකයට පිළිනොගනී. කණස්‌සල්ලට පත්වන පාණ්‌ඩ්‍යට,දරුවන් ලබාගත හැකි උපායක් ඇති බව කුණ්‌ටී පවසයි. එනම් තමා උගත් දෙවියන් කැඳවන මහානුබල මන්ත්‍රයෙන් දෙවියනි ගෙන්වා, ඔවුනගෙන් තමන්ට දරු සම්පත් ලබා ගැනීමට හැකි බවය. සතුටට පත්වන පාණ්‌ඬ්‍ය ඊට එකඟ වෙයි.
දෙවියන් කැඳවන මන්ත්‍රය මතුරන කුණ්‌ටී විසින් ධර්මදර දෙවියන් ගෙන් දරු සම්පතක් ඉල්ලා සිටී. ඉන් යුධීෂ්වර උපදයි. පසුව භීම නම් ශක්‌තිමත් කුමරා සුළං දෙවියන්ගෙන්ද, ඉන්ද්‍ර දෙවිගෙන් අර්ජුන කුමරාද කුණ්‌ටීට ලැබේ. ඒ ආකාරයෙන්ම මදුරා බිසවටද (7) හා (8) නම් කුමාරවරු දෙදෙනකු උපදියි. රජුට දරුවන් ලද ආරංචිය හස්‌තිනාපුරයට ලැබෙන විටදී, මේ වන විටත් හස්‌තිනාපුරයේ ගන්ධාරී කුමරිය ගැබ් ගෙන සිටී. තම පුතු කලින් ගැබ් ගැනීම මත වැඩිමහල් බව දෘතරාෂ්ඨ සහ ගන්ධාරී කල්පනා කරති. ගන්ධාරීට උපදින දරුවා දුර්යොධන නම් වේ. තමන් කල වරද නිසා , නැවත රාජ්‍යත්වයට පත් නොවන පාණ්‌ඩ්‍ය රජ, කුණ්‌ටී සහ මදුරා බිසවුන් ද පාණිඩ්‍ය කුමරුන් පස්‌දෙනාද හස්‌තිනාපුරයට යවා මෝක්‍ෂය සොයනු පිණ්]ස තව දුරටත් වනගත වෙයි. ගන්ධාරී තවත් බොහෝ කුමාරවරුන් වැදුවාය.
මේ අතර මගධ රාජ්‍යයයේ කන්සා නම් භීෂණ රජ කුමරකු විසින් භීතිය පතුරයි. තම පිය රජුගෙන් රාජ්‍ය ද පැහැරගන්නා ඔහු, තම පියා ද සිර කරයි. තම මිතුරු (8) කුමරුට තම සොහොයුරිය බලයෙන්ම පාවා දෙන ඔහුගේ දුර්ජන භාවය හේතුවෙන් බලවත් තවිසකු විසින් ශාප කරණු ලබයි. විවාහ මංගල දිනයේදී යුවළට ආශිර්වාද කරන තවුසා, එම විවාහයෙන්, කන්සා රජුගේ සොහොයුරියට උපදින අට වන පුත්‍රයා අතින්, කන්සා ඝාතනය වන බව පවසයි. වියරු වැටෙන කන්සා තම සොහොයුරිය හා මිතුරා මරා දමන්නට තැත් කළද, උවදුර පවතින්නේ සොහොයුරියගෙන් නොවන බවත්, උවදුර ඇගේ අටවන දරුවා බවත් කියන කන්සාගේ මිතුරා, ඇයට ජීවිත දානය දෙන ලෙස ඉල්ලයි. තම සොයුරියට දාව උපදින සියළු දරුවන් මරා දමන බවට කී කන්සා, විවාහපත් තම සොයුරිය සහ මිතුරා සිරගත කරයි. කාලය ගෙවෙද්දී කන්සාගේ සොයුරියට උපදින දරුවන් හයක් කන්සා විසින් දඟගෙයි බිත්තියේ ගසා ඝාතනය කරයි.
හත්වන දරුවා ඉපදෙන්නට දිනකට පෙර, ඇය බලන්නට ආ මිතුරියක විසින් ධ්‍යානයෙන් දරු කළලය ගෙන ගොස් රැක බලා ගනී. එම දරුවා තමනට බයෙන් ගබ්සා ඌ බවට කාරණය නොදත් කන්සා උදම් අනයි. අටවන දරුවා ඉපදෙන්නට සිටියදී මුරකාවල් තවත් වැඩිකරන කන්සා, කිසිවෙකුට තම සොහොයුරිය බලන්නට යන්නට ද ඉඩ ?