කවර සම්ප්‍රදායකට අයත් වුවද සෑම ශාන්ති කර්මයක් සඳහා ම ඊට අදාළ වූ රඟමඬලක් භාවිත කෙරේ. ඇතැම් ශාන්ති කර්ම එළිමහනෙත්, සමහරක් එළිමහනේ ඒ සඳහාම ඉදිකළ මඩකූඩාරම් වලත්, කුඩා ශාන්ති කර්ම ගෘහස්‌තවත් පවත්වනු ලැබේ. මෙසේ ශාන්ති කර්මය පවත්වනු ලබන ස්‌ථානය එහි රඟමඩල වන්නේ ය.
මෙකී රඟමඬල ශාන්තිකර්මයට උචිත ලෙස විවිධ සැරසිලි සහ අලංකාර කැටයම් ආදියෙන් අලංකාර කරනු ලැබේ. එක් එක් ශාන්ති කර්මය සඳහා ඉදිකරනු ලබන තොරණ, අයිල, යහන්, කත්‍රික්‌ක, මල්බුලත් තටු ආදී අංගෝපාංග, සම්ප්‍රදාය අනුවත්, ශාන්ති කර්මය අනුවත් යම් යම් වෙනස්‌කම් ඇතත්, නිර්මාණය කිරීම සඳහා යොදා ගනු ලබන අමු ද්‍රව්‍ය නම් බොහෝ දුරට එක සමානය.
* ශාන්ති කර්මයන්හි කෙසෙල් බඩ, ගොක්‌කොළ, ඉරටු, පට්‌ටා, කෙසෙල් කොළ, හබරල කොළ, ලී කෝටු යනාදියත්.
* අලංකරණය සඳහා පොල්මල්, පුවක් මල්, දෝතළු, ඉඳිව, තැඹිලි, වනසි, බෝදිලිවැනි පොල් වළු යනාදියත්
* වර්ණ ගැන්වීම සඳහා පහන් දුලි, ගුරුගල්, මහළු බලිකුඩු, රෙදිසෝදන නිල් කුඩු වැනි ද්‍රව්‍යයත් යොදා ගැනේ.
උඩරට සම්ප්‍රදායට අයත් ප්‍රධාන ශාන්තිකර්මය වන කොහොඹ කංකාරිය පවන්වන රංගමණ්‌ඩපය හඳුන්වනු ලබන්නේ " කංකාරිය මඩුව " යන පාරිභාෂිත නාමයෙනි. මෙකී කංකාරිමඩුව දිගින් සැටරියනක් ද පළලින් තිස්‌රියනක් ද විය යුතුය යන්න සම්ප්‍රදායික නියමයි. මෙකී කංකාරි මඩුව පොල්, පුවක්‌වලින් ද ගෙඩිවළු බැඳීමෙන්ද, ගොක්‌කොළ සැරසිල්ලෙන් ද අලංකාර කරනු ලැබේ.
" යක්‌ගෙය " යනුවෙන් හඳුන්වන විශේෂ මණ්‌ඩපයක් කොහොඹා කංකාරි රංගමණ්‌ඩපය තුළ ඉඳිකරනු ලැබේ. යහන සාදා කෙසෙල් පතුරු බැඳීමෙන් සකස් කර ගන්නා යහන අලංකාර සැරසිල්ලකි. යහන සකස් කරනු ලබන්නේ මහල් දෙකක් වන ආකාරයෙනි. එහි උඩුමහලේ දේවාභරණත්, යටි මහලේ පිහිදුම් පෙටිටියත් තැන්පත් කෙරේ. යහනට ප්‍රතිවිරුද්ධ පැත්තේ අයිලය නමැති සැරසිල්ලක් ද ඉදිකෙරේ.
පහතරට සහ සබරගමු ශාන්තකර්මවල ඉදිකරන ප්‍රධාන සැරසිල්ල හඳුන්වන්නේ "තොරණ" යනුවෙනි. ගැබ් සහ මහල් කිහිපයකින් යුක්‌තව ඉදිකරන තොරණ අලංකාර සැරසිල්ලකි. කෙසෙල් පතුරු, හබරල කොළ සහ ගොක්‌කොළ සැරසිල්ලෙන් හැඩ වැඩ වූ තොරණ විවිධ වර්ණ ආලේපයෙන් යුත් " ගොක්‌පියම් " වලින් අලංකාර කරනු ලැබේ. එහි විවිධ දෙවි දේවතාවුන්ගේ චිත්‍ර ද ඇතැම් පළාත්වල ඉර - හඳ සැරසිල්ල ද ඇතුළත් කෙරේ.
එකම ශාන්තිකර්මයක් සඳහා කරන සැරසිල්ලක් වුවද ප්‍රදේශීය ව්‍යවහාරයන් සහ ගුරුකුලයන් අනුව යම් යම් වෙනස්‌කම් ප්‍රදර්ශනය කෙරේ.
යක් තොවිල්වලදී යොදා ගන්නා ප්‍රධාන සැරසිල්ල " වීදියයි ". මල් පහන් පිදීමට සකස් කර ගන්නා සැරසිල්ල " මල් යහන " යන නමින් ද යක්‌ෂයණියන් සඳහා පිදවිලි කැපකර දෙන තටුව " පිදේනි තටුව'' යන නමින් ද හඳුන්වනු ලැබේ. යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම් සඳහා යොදා ගන්නේ මල් බුලත් තටුවයි.
උඩරට පහතරට සහ සබරගමු යන සම්ප්‍රදායන් තුනේදීම "අයිලය" යන වචනය භාවිතයේ යෙදේ. එසේ වුවද උක්‌ත සම්ප්‍රදායන් හි "අයිලය" යන වචනයෙන් දැක්‌වෙන සැරසිල්ල එකම අරුතක් නොගනී.
උඩරට සම්ප්‍රදායේ අයිලය යකුන් සඳහා වෙන්වූවක් ලෙස සැලකිය හැකිය. ( යක් ඇන්නුම විශේෂයෙන්ම අයිලයට මුහුණලා කරන නැටුමකි.) මඩුපුරය සහ මල් හත්පදය නැටීමේඳී යොදා ගන්නා පොල්මල් තැන්පත් කර තබන්නේ අයිලයේ හෝ අයිලය ඉදිරියේ සාදා ඇති විශේෂ ස්‌ථානයකය.
පහතරට සහ සබරගමු සම්ප්‍රදායන් හිඳී අයිලය යනු ගොරක්‌ගස් දෙකක් සිටුවා ඒ හරහා ඇදුරෙකුට නැගී සිටිය හැකි වන ලෙස ශක්‌තිමත්ව බැඳගත් මෝල්ගසක් හෝ වෙනත් ශක්‌තිමත් ලීයක් යොදා සකස් කළ විශේෂ සැරසිල්ලකි.
සම්ප්‍රදායන් තුනටම පොදුවූ බලි ශාන්ති කර්මයේ යෙදෙන සැරසිලිවල විශේෂ ලක්‌ෂණයවක් වන්නේ බලි ඇඳීම සහ ඇඹීමයි. මෙම බලි ඇඹීම කරනු ලබන්නේ පදම්කර සකස් කර ගත් හුඹස් මැට්‌ටෙනි. විශේෂයෙන් සකස් කළ මැස්‌සක නව ග්‍රහයින්ගේ රූප අඹා වර්ණ ගන්වා අලංකාර කරගනු ලැබේ. ඇතැම් බලි රූ චිත්‍රනය කරනු ලබන අතර ඇතැම් ඒවා රෙදි කඩවල කල්තබා ඇඳගත් චිත්‍රයන්ය. මෙසේ බලිරූප ඇඹීම බලි ශාන්ති කර්මයට පමණක් සීමා වූවක් ලෙස සැලකිය හැකිය.
ශාන්ති කර්මයන් හිඳී රඟමඩල සකස් කර ගත යුතු ආකාරය මඩු සැරසිල්ල සහ තොරන් යාගය වැනි ගායනාවල විස්‌තර කෙරේ.
දිගින් මඩුව සැට රියන යි
පුළුල් එතුළ තිස් රියන යි
තලව්වේ උස පස් රියන යි
කළෝ මඩුව මේ ලෙස ම යි
එම කවියෙන් විස්‌තර වන්නේ ශාන්ති කර්මය සඳහා යොදා ගන්නා මඩුව සකස් කර ගැනීමට යොදා ගත යුතු දිග-පළල-උස වැනි මිනුම් ප්‍රමාණයන් ය. බලිශාන්ති කර්ම සඳහා මඩුව සකස් කර ගත යුතු ආකාරය "බලිමඩුපුර" ගායනාවල විස්‌තර කරන්නේ පහත දුක්‌වෙන ආකාරයෙනි.
බිමක් බලා දෙවි පදයෙන් අරගෙන
ඇසක් සෙමෙර සමකර පිසදම මි න
ගෙයක් තනා සතරැස් එකපමණි න
උදක් එපිරි බඩගා ගොම සඳුනෙ න
මෙහි විස්‌තර කරන ආකාරයට දේවපාදයෙන් යුත් බිමක් තෝරා ගෙන එය සමතලා කර එහි චතුරාස්‍රකාර ගෙයක් තනාගෙන එය ගොම මැටි ගා සකස් කර අනතුරුව සඳුන් ගා පිරිසිදු කරගත යුතුය.
පහතරට සූනියම් යාගයේ ඳී රඟමඬල සරසාගත් ආකාරය විස්‌තර කරන්නේ පහත දැක්‌වෙන ආකාරයෙනි.
/

රන් උළු සොයවා මඩුවේ රන්කොත් සිටුවා ලා
නන් විසිතුරු සළු පිළියෙන් වියන්ද බන්දාලා
රන් තිර වටකර අදිමින් සේසත් සිටුවාලා
රන් චාමර රන්මුතු කුඩ කොඩි ගෙන සරසාලා
තැඹිලි නවසි බෝදිලි ඉඳවළු මල් ගෙන එල්ලා
අඹ ද දඹද රඹකැන් අන්නාසි ද ගෙන එල්ලා
කරඹ එමොර දම් පනාද දෙසිදොඩම් ද ගෙන එල්ලා
මෙපිළිවළට දිව පුරයක් සේ මඩු සැරසිල්ලා
මෙවැනි ප්‍රධාන සැරසිලි වලට අමතර වශයෙන් ශාන්ති කර්ම භූමියෙහි අතිරේක සැරසිලි ගණනාවක් ම දක්‌නට ලැබේ. දෙවියන් විෂයෙහි පහන් දල්වනු ලබන "පහන් පැල්" යාල භූමි සීමා කරන ගොක් රැහැන් වැට, මඩුශාන්ති කර්මයන්හි දක්‌නට ඇත. "කාලපන්දම් ගස" දහ අටසන්නියේ එන සන්ති කූඩුව යකුන් එන වීදිය, කුරාලය යනාදී ලොකු කුඩා සැරසිලි ගණනාවක් එකිනෙක ශාන්ති කර්ම හා සම්බන්ධ වේ.
කොහොඹා කංකාරිය, දෙවොල් මඩුව සහ පහන් මඩුවේ එන සැරසිලි සංකෂිප්ත ලෙස මෙසේ දැක්‌විය හැකිය.
කොහොඹා කංකාරිය
* කංකාරි මඩුව ප්‍රධාන කොට ඇති අයිලය, යහන, මුවමල.
* දෝතළු, තල්, පොල්, පුවක්, නවසි ආදියෙන් මඩුව වට කරන සැරසිලි.
දෙවොල් මඩුව,පහන් මඩුව
* දිගින් සැටරියනක් හා පළලින් තිස්‌රියනක් වූ මඩුව වඩා දෝතළු, තල්, පොල්, පුවක් ආදී වළුමල් වලින් කළ සැරසිලි.
* පත්තිනි දෙවොල්, විෂ්ණු, සමන්, නාථ, කතරගම, දැඩිමුණ්‌ඩ, සහ වාහල ආඳී දෙවිවරුන් වැඩම වීමට සකසන මල් යහන් සහ පත්තිනි, දෙවොල් තොරණ.
* කාල පන්දම් ගස.