අප අපට එදිනෙදා ජීවිතයේදී දකින්නට ලැබෙන විවිධ ද්‍රව්‍යය වල ඇති තවත් විශේෂ ලක්ෂණ කීපයක් පිළිබඳව කරැණු විමසමු.
අප මේ සදහා ජලය, පෙට්‍රල්, පොල්තෙල්, එඬරු තෙල්, රසදිය, මී පැණි වැනි අපට එදිනෙදා ජීවිතයේදී දකින්නට ලැබෙන හා අප භාවිතා කරණ ද්‍රව කීපයක් වෙතට මුලින්ම අවධානය යොමුකර බලමු.
අප මෙම දයව පිළිබඳව පහත දැක්වෙන තත්වයන් පිළිබඳව කරැණු සොයා බලමු.
1. පෘෂ්ඨයක් මත පැතිරයාමේ හැකියාව.
2. ද්‍රවයක උකුබව.
3. වාෂ්පශීලී බව.
- ජලය පෘෂ්ඨයක්මත පැතිරයාම සෙමින් සිදුවන අතර උකු බවින් අඩුය. ජලයේ වාෂ්පවීම සෙමින් සිදුවේ.
- පෙට්‍රල් වේගයෙන් පෘෂ්ඨයක්මත පැතිරයයි. පෙට්‍රල් වල උකු බව ඉතාමත් අඩුවන අතර ඉතා ඉක්මණින් වාෂ්පවීම සිදුවේ.
- පොල්තෙල් පෘෂ්ටයක් මත පැතිරයාම සෙමින් සිදුවේ. තරමක් උකුගතියකින් යුක්තවේ. පොල්තෙල්වල වාෂ්පශීලී බව ඉතා අඩුය.
- එඬරුතෙල් පෘෂ්ඨයක් මත පැතිරයාමේ හැකියාව ඉතා අඩුවන අතර වැඩි උකු ගතියකින් යුක්තවේ. එඬරුතෙල් වාෂ්පවීමක් සිදුවන්නේ නැත.
- මී පැණි ද පෘෂ්ඨයක් මතට දැමුවහොත් ඉතා සෙමින් පැතිරයයි. උකු බවින් වැඩිවන අතර වාෂ්පවීමක් සිදුවන්නේ නැත.
- රස දිය පෘෂ්ඨයක් මත පැතිර නොයයි. ඉතාමත් උකු බවකින් යුක්ත වන අතර වාෂ්පශීලී බව ඉතා අඩුය.
- ජලය පෙට්‍රල්, පොල්තෙල්, එඬරුතෙල්, මී පැණි, රස දිය.