භරත නාට්‍යම් පිළිබඳ දැනගත යුතු විශේෂ කරුණු.
 



* දකුණු ඉන්දියාවට ආවේණික නර්තන සම්ප්‍රදායකි. ඉන්දියාවේ පැරණිම නර්තන සම්ප්‍රදාය ලෙස සැලකේ.
 * වර්තමාන තත්ත්වයට සකස්‌ කළේ තාන්ජාවුර් සහෝදරයන් විසිනි.
 * භරත නාට්‍යම් සංදර්ශනයක අනුපිළිවෙළ වන්නේ.
     1 අලා රිප්පු
     2 ජතීස්‌වරම්
     3 ශබ්ධම්
     4 වර්ණම්
     5 පදම්
     6 තිලානා
 * මෙම නර්තන සඳහා යොදා ගන්නේ කර්ණාටක සංගීතයයි.
 * ප්‍රධාන තාල වාදන භාණ්‌ඩය වන්නේ මෘදංගයයි.



 * තාලම්පටින් තාල තැබීම විශේෂ ලක්‌ෂණයකි. තාල තබන්නා හඳුන්වන්නේ නටුවනාර් නමිනි.
 * කාන්තාවන්ට සුවිශේෂ වූ නර්තන ක්‍රමයකි.
 * දකුණු ඉන්දියාවේ තන්ජෝරය ප්‍රධාන කොට ඇති ඩැකෑන් ප්‍රදේශය මෙම නර්තන කලාවේ නිජබිම ලෙස සැලකේ.
 * මෙහි ගීත බොහොමයක්‌ රචනා කර ඇත්තේ තෙලිඟු භාෂාවෙනි.
 * මෙහි මැණ්‌ඩියට සිටීමේ ක්‍රම දෙකක්‌ ඇත.
     1. අර මණ්‌ඩිය
     2. මුළු මණ්‌ඩිය
 * අරගගේත්‍රම් යනු භරත නැටුමේ කල එළි මංගල්‍යයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017