ඉන්දියාවේ මහා සම්ප්‍රදායන් ලෙස පිළිගෙන ඇති භාරත, කථක්, කථකලි, මනිපුරි, කුච්චිපුඩි, යන පංචමහා නර්තන කලාවන් අතරින් පැරණිම නර්තනය ලෙස සලකන්නේ භාරත නැටුමයි. ආදිම යුගයේ දී එය මුළු ඉන්දියාව පුරාම විසිර තිබූ බවට බොහෝ සාධක ඇත. පසුකාලීනව සිදුවූ විවිධ ආක්‍රමණ හා සංක්‍රමණ නිසා එය ක්‍රමයෙන් දකුණු දෙසට සංක්‍රමණය වී දකුණු ඉන්දියාවේ මහා සම්ප්‍රදාය ලෙස මුල් බැස ගත්තේ ය.
" භරත මුනිවරයා " විසින් නිර්මාණය කළ බැවින් මෙම නර්තනයට "භරත නාට්‍යම්" යැයි ව්‍යාවහාර වන බව ඇතැමුන්ගේ මතයයි. නමුත් වඩාත් පිළිගත් මතය වන්නේ "භාව, රාග, තාල " යන වචන තුනේ මුල් අකුරු එක්‌ව " භරත " යන්න නිර්මාණය වූ බවයි.
මෙම නැටුම් විශේෂයෙන් ම හින්දු භක්‌තිකයන් විසින් දෙවියන් වෙනුවෙන් කරන පූජෝපහාරයක් ලෙස සලකනු ලැබේ. හින්දු දේවාල වල සිටි දෙවියන් වෙනුවෙන්ම කැපවූ දේවදාසීන් නමින් හඳුන්වන කාන්තාවන් පිරිස් විසින් අතීතයේ ඳී මෙම රැඟුම් දක්‌වන ලදී. භරත මුනි විසින් දක්‌වන ලද නෘත, නෘත්‍ය, නාට්‍ය යන අංග තුනම භරත නැටුමේ ඇත. නෘත යනු ශරරයේ අංගෝපංග චලනය කරමින් සිදු කරන නැටුම් ය. එයින් කිසිදු අදහසක් ප්‍රකාශ නොවේ. නෘත්‍ය යනු කිසියම් අදහසක් ප්‍රකාශ වන ආකාරයේ නැටුමකි. නාට්‍ය යනු සතර අභිනයෙන් යුක්‌ත වූ නර්තනයයි. මේ අනුව භරත නාට්‍යම් යනු පරිපූර්ණ නර්තන කලාවකි.
මෙහි නෘත කොටසට පාද චලන, අංග චලන, සහ අංග වින්‍යාස ( ඉරියව් ) වලින් සමන්විත මූලික අඩව් 15 ක් පමණ ඇත. ( මේවා උඩරට හෝ සබරගමු නැටුම් වල අඩව් යන්නෙන් අදහස් කරන නැටුම් කොටස්‌වලට වඩා බෙහෙවින් වෙනස්‌ය. තට් අඩව්, නාට් අඩව්, ගුදික්‌ක මෙට්‌ටි අඩව්, මණ්‌ඩි අඩව්, යනාදී වශයෙන් ඒවා හඳුන්වනු ලැබේ. භරත නාට්‍ය දර්ශනයකඳී දැකිය හැකි අල්ලාරිප්පු ජතීස්‌වරම්, තිලානා වැනි නැටුම් අංග ද නෘත කොටසට අයත් වේ.
නෘත්‍ය කොටසට අයත් වන නැටුම්වලින් කෙරෙන්නේ අභිනය නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමයි. මෙහිදී ගීත ගායනය කෙරෙන අතර ගීතයේ අදහස මුහුණින් ද හස්‌ත මුද්‍රාවන් ගෙන් ද ඉදිරිපත් කෙරේ. භරත සංදර්ශනයක දී එන ශබ්ධම්, පදම්, ශ්ලෝකම් යන කොටස් අයත් වන්නේ මෙකී ගණයටය.
භරත නාට්‍යයේ දී නටන "වර්ණම්" නැමැති අංගය නෘත -නෘත්‍ය යන දෙකෙහිම සංකලනයකි. මෙහිඳී එකදිගටම ගායනා නොකෙරේ. ගායනා අනුව නටා ඒ අතරට අඩව් වැනි නෘත අංග ඉදිරිපත් කෙරේ.
ශ්‍රි ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ද්‍රවිඩ ජනතාවගේ ප්‍රධාන නර්තනය වන්නේ ද භරත නැටුමයි. යාපහුව, ගඩලාදෙණිය වැනි ස්‌ථානවල ඇති ගල් කැටයම් සහ සංදේශ කාව්‍යවල එන විස්‌තර අනුව ශ්‍රි ලංකාවේ ද 12 - 15 සියවස්‌වලදී මෙම නැටුම් ක්‍රමය රාජ සභා ආශ්‍රිතව ප්‍රචලිතව පැවති බව පෙනේ.