විද්‍යාධර ගුහාව තුළ ඇති ධ්‍යාන මුද්‍රාව සහිත බුදුපිලිමය
 

ය ගල් කැටයම් කලාව තුළ කෘත්‍රිම ව හාරා ඇති විශාලම ලෙන විද්‍යාධර ගුහාවයි. එකල ගල් වඩුවාගේ තාක්‍ෂණය මනාවට පෙන්නුම් කරන සුවිශේෂතම ස්‌ථානය වන්නේ පොළොන්නරු විද්‍යාධර ගුහාවයි. ධ්‍යාන මුද්‍රවෙන් වැඩහිඳින මෙම බුදු පිළිමයේ පහළ ඇති ආසනයේ වඡ්‍ර සහ සිංහ රූප කැටයම් නිමකර ඇත.

පිළිමයේ පිටුපස මකර තොරණකි. සිරසට ඉහළින් ගලේ ම නිර්මාණය කොට ඇති ඡත්‍රය හෙවත් සේසතකි. ආසන දෙපස චාමරධාරී රූප දෙකකි.

මේවා බෝධිසත්වයින් ගේ රූප වශයෙන්ද මතයක්‌ පවතී. විද්‍යාධර ගුහාවේ මෙම නිර්මාණය කර තිබෙන්නේ ස්‌වාභාවික කඑගල කෘතිම ලෙස හාරා ගැනීමෙනි. මෙම ගුහාව තුළ පොළොන්නරු යුගයේ සිතුවම්ද දක්‌නට ලැබේ. එම චිත්‍ර අතර සංකස්‌ස පුරයට වැඩම කිරීම නැමැති චිත්‍රය මෙම ස්‌ථානයේ තිබු බවට සාධක හමුවි ඇත.  අද එම සිතුවම්වල ශේෂ පමණක්‌ දැකබලා ගත හැකිවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017