විශේෂණ
නාම හා ක්‍රියා විශේෂණ දෙවගකි.
යක් ඇදුරු (ජාති විශේෂණ)
ලෝකඩ ප්‍රතිමාව (ද්‍රව්‍ය විශේෂණ)
සුවඳ මල් (ගුණ විශේෂණ)
ගැහෙන සිත (ක්‍රියා විශේෂණ)
හංසවතී බුසව (සංඥා විශේෂණ)
නාම විශේෂණ පූර්ව හා පරව යෙදිය හැක
කපටි නරියා , නරියා කපටිය, උස් ගස, ගස උදය
තුල්‍යාධිකරණ විශේෂණ -
(මහමායා පුතණුවෝ සිදුහත්හු) අප මහ බුදු පියාණෝය.
(ගංගා පුත්‍ර භීෂ්මහු) එහි වන්හ.
භින්නාධිකරණ විශේෂණ
බුදුන්ගේ ගුණ - බුදුගුණ
දෙවියන්ගේ මහිම - දෙවු මහිම
ක්‍රියා විශේෂණ නම්
සෙමින් යති, උණුදිය නායි, හොඳන් පාඩම් කරයි, ඉහලින් සමත් වෙයි ආදියයි.
ආකාර විශේෂණ ක්‍රියාව කරන ආකාරය විස්තර කරයි.
මල් ලක්ෂණට පිපේ.
ක්‍රියා සමඟ විශේෂ ලක්ෂණ පෙන්වන උප ළක්ෂණ විශේෂණ උදාහරණ නම්
සූර්යයා සැර රශ්මියෙන් බබලයි.
රජහු තේජසින් බැබලෙති.
එම රථය අළුත්ය.
ක්‍රියාව කවර හේතුවක් නිසා සිදුවන බව පෙන්වන විශේෂණ
බඳුන අත වැදී බිම වැටේ.
හඳ එළියෙන් මට පෙනේ.
ක්රියාවේ ප්‍රතිඵල පෙන්වන විශේෂණ
ඇය හඬන්නට සැරසේ.
යානය ගුවන් ගත වේ.
ක්‍රියා විශේෂණ පද කර්ම විභක්ති ගනී.
තදින් (තද+ඉන්) , හඬින්, ඉවසීමෙන්, පහසුවෙන්
ඒ සඳහා කල් මද විය.
ක්‍රියා විශේෂණ සඳහා ලිංග , විභක්ති බලපෑමක් නැත.
ඇය සෙමින් එයි. ඇය සෙමින් ආවාය.
ඔහු සෙමින් එයි.
සුළඟ හෙමින් හමයි.
ක්‍රියා විශේෂණ වැකියේ කොතනක යෙදුවද අදහස වෙනස් නොවේ.
ළමයි වේගයෙන් දුවත්.
දුවත් ළමයි වේගයෙන්.
වේගයෙන් දුවත් ළමයි.