
මෙම පිළිමය මන්දිරයක තිබු බවට සාදක හමුවී ඇත. අඩි 46 ක් දිග මෙම පිළිමයේ එක් පාදයක් කෙටිවන සේ නෙළීම උදරය බීමට බරව ඉදිරියට නෙරායාම විචරය ද දක්‌වන රේඛා පිළිවෙළින් දැක්‌විම ප්‍රාණවත් බව අඩුකර තිබීම නිසා මෙම ප්‍රතිමාව බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම නිරූපණය වන ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාවේ ගලින් නිරූපණය කොට ඇති කොට්‌ටය එබී ඇති අයුරු මුර්තිමත් කොට ඇත. එය ශිල්පියාගේ කුෂලතාව මැනවින් නිරූපණය කෙරෙන විශේෂ සාධකයෙකි. මෙම ප්‍රතිමාව සියුම්ව අධ්‍යයනය කළහොත් පහත සඳහන් අංගලක්‍ෂණ මැනවින් හැඳින ගැනීමට හැකියාව ලැබේ.
01. ගල් කොට්‌ටය පහතට එබී ගිය බව

02. සැතපෙන අවස්‌ථාවේ යටවු කන කොටට ද අනෙක් කන මුහුණට ඇලව පවත්නා ස්‌වරූපය ස්‌වාභාවික අයුරින් නිමකර තිබිම.

03. ප්‍රතිමාවේපාදවල යටිපතුලේ මංගල ලක්‍ෂණ කැටයම් කර තිබිම

04.බුදුන්වහන්සේ ගේ ප්‍රාණ වායුව ගෙවෙන සැටිදැක්‌වීම සඳහා ඉදිරියට නැමු දණහිස අනෙක් පාදයේ මාපට ඇගිල්ල මදක් කොටවන සේ දක්‌වා තිබීම විශේෂ ලක්‍ෂණවේ.

ස්‌වාභාවික පර්වතයේ සමස්ත මුලික හැඩය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම ප්‍රතිමා 4 නිර්මාණය කර තිබීම විස්‌මය ඡනක වේ.
පොළොන්නරුවේ බුදුපිළිමවල අනුරාධපුර බුදු පිළිමවලට වඩා සුඑ වෙනස්‌කම් කිහිපයක් දක්‌නට ලැබේ. අනුරාධපුර පිළිම වල සරල චාම් ගුණය ගැඹුරු භාව ප්‍රකාශන ශක්‌තිය වැඩි වේ. පොළොන්නරු පිළිම වල විචිත්‍ර ලක්‍ෂණ ඇත. භාව ප්‍රකාශන එතරම් දියුණු නැත. බුදුරඡාණන් වහන්සේගේ මහේශාක්‍ය ගුණය මතුකිරීමට පොළොන්නරු ශිල්පියා මහන්සි ගෙන ඇත. බාහිර ලක්‍ෂණ ගැන බැලීමේදී අනුරාධපුර බොහෝ හිඳි පිළිමවල සිවුරේ රුළි ඇගට ඇලී ඇත. පොළොන්නරු බුදුපිළිමවල සිවුරු රුළි රේඛාවෙන් යොදා ඇත.
