
අඩි 25 ක් පමණ උස මෙම ප්‍රතිමාවේ මුද්‍රාව පරදුක්‌ඛ දුක්‌ඛිත මුද්‍රාව වශයෙන් හැඳිනගෙන ඇත. (පරදුක්‌ඛ විඡානන) (අනුන්ගේ දුකේදී කම්පාවෙන) මෙම පිළිමය ත්‍රිභංග ශැඩය ගනී. නළලේ උර්ණ රෝම ධාතුව යෙදීම හා පළල විවෘත පද්මය යෙදීම නිසා මෙය බුදුරුවක් වන්නට ඇතැයි යනු ආචාර්ය සෙනරත් පරණවිතාන සුරීන්ගේ මතය වේ. සිවුරු පොට සිරිපතුල දක්‌වා එල්ලී තිබේ. ගල තුළට හාරා මතු කිරිම විශේෂ ලක්‍ෂණයකි. පිළිමයේ කන්පෙති ලම්බකර්ණ බව උෂ්නීෂය සුඑවෙන් යොදාතිබිම අක්‌බඹරු හැඩ සහිත හිසකෙස් යෙදීම හා පද්මයක් මත වැඩහිඳිම වැනි කරුණු නිසා මෙය බුදුපිළිමයක් වශයෙන් පිළිගැනීමට ඇති හැකියාව වැඩි වේ.
බුදුපිළිමයෙහි මුහුණ ඉදිරිය බලා සිටි. තරමක ශෝක ගතියක් පෙන්වයි. මීට සමාන බුදුපිළිම හමු වු ස්‌ථාන අතර යටාල වෙහෙර 18 වන සියවසේ බිතු සිතුවම්වල සත් සතිය එහි එන අනිමිස ලෝචනය ප්‍රතිමා නිර්මාණයේදී මෙම ආකාරය නිරූපණයට පරදුක්‌ඛ දුක්‌ඛිත මුද්‍රාව යොදා ගෙන ඇත.
උදාඃ 01. යාපහුව සිවිලිමේ මෙම මුද්‍රාව සහිත රූපය
02. මැදවල ටැම්පිට විහාරය
03. ලංකාතිලක විහාරය
04. දඹුල්ලේ ඇති බදාම මුර්තිය
05. දඹුල්ලේ සිවිලිමේ චිත්‍රය
මෙම ප්‍රතිමාව ආනන්ද හාමුදුරුවන්ගේ යෑයි යන මතය ප්‍රකාශ කරනු ලැබුවේ එස්.එම්.බාරොස් මහතා විසිනි. එය එස්. ඩබ්ලිව් කේට් මහතා විසින් එම මතය තහවුරු කොට ඇත. මෙම ප්‍රතිමාවට ඉදිරියෙන් බෝධිඝරයක ලක්‍ෂණ හමුවන නිසා මෙම ප්‍රතිමාව බුදුන් වහන්සේගේ සත් සතියේ එන අනිමිස ලෝචන පුඡාව හෝ බුදුන් වහන්සේ ධර්මය මෙනෙහි කෙරෙන අවස්‌ථාව නිරූපණය වන්නේ යනු බොහෝ විචාරකයින්ගේ අදහස වේ. මෙම මුද්‍රාව බුදු පිළිම අතර අතිශයින්ම දුර්ලභ ගණයේ මුද්‍රාවකි. එසේම මෙම ගල් විහාරයේ හිටි පිළිමය ලාංකිය ප්‍රතිමා ශිල්පියාගේ ප්‍රමාණ
ව්‍යුහ විද්‍යාව මැනවින් කියාපාන්නකි.

