
මෙම පිළිමයේ සිරස පිටුපස ප්‍රභාමණ්‌ඩපයකි. එම ප්‍රභාපමණ්‌ඩපයේ කුඩා බුදුපිළිම කිහිපයක් පිළිවෙළින් නිර්මාණය කොට ඇත. ඒවා විමාන තුළ තැන්පත් කර තිබෙන ආකාරයක් තිරූපණය කොට තිබේ. පිටතට නෙරාගිය මකර හිස් තුනකි. වඡ්‍රසනය නැමැති ආසනයක් ලංකාවේ ප්‍රතිමා කලාවෙන් නිරූපණය වන්නේ මෙම ගල්විහාරයේ එළිමහන් හිඳි පිළිමය ආශ්‍රයෙනි. මෙම පිළිමය පිටුපස ඇති මකර තොරණ මථුරාවේ ශිල්පීන් ඉඳිකරන ඡෛන මකර තොරණට සමාන ලක්‍ෂණ ප්‍රකට කරයි. සමාධි හෙවත් ධ්‍යාන මුද්‍රාවෙන් වැඩසිටින මෙය පිහිටි ගලේ නිර්මාණය කරනලද කලා නිමැවුමකි.

