පොළොන්නරු යුගයේ මුර්ති හැදින්වීම
 

පොළොන්නරු යුගය 12 වනව සියවසට අයිතිවේ. මෙහි බොහෝ නිර්මාණ ප්‍රධාන වශයෙන් බෞද්ධ හින්දු සහ ලෞකික ප්‍රතිමා වශයෙන් වර්ග කළ හැකිවේ. ගල්විහාරයේ හෙවත් උත්තරාරාමයේ ඇති බුදුපිළිම පොළොන්නරු වටදාගෙයි පිළිම අටදාගෙයි පිළිම බෞද්ධ අංශයට අයිති නිර්මාණ වශයෙන් හඳුන්වා දිය හැකිවේ.

හින්දු ආගමට සම්බන්ධ අතර ශිවදේවාල ආශ්‍රිත ශිව පාර්වතී නටරාඡා පත්තිනි තාරාදේවිය උමයංගන අප්පර් ස්‌වාමි අර්ධනාරීශ්වර රූපය වැනි වෙනත් ලෝකඩ ප්‍රතිමා පොලොන්නරු ලෞකික ප්‍රතිමා අතර පරාක්‍රම බාහු ප්‍රතිමාව නිශ්ශංකමල්ල රඡුගේ වැඩුම් මඩුවේ සිංහ රූපය රාඡවේශි භුඡංග මණ්‌ඩපයේ නිර්මාණ විශේෂයෙන් වැදගත් වේ. ඉහත නිර්මාණවලට අමතරව පොලොන්නරුවේ ගෘහනිර්මාණය ද අතිශයින් ම අලංකාර නිර්මාණ වශයෙන් වර්ග කළ හැකිවේ. රඡමැදුරු සත්මහල් ප්‍රාසාදය ශිව දේවාල ස්‌ථුප මණ්‌ඩප කුඑණු වටදාගෙය පොහොය ගෙවල් පොළොන්නරු යුගයේ නිර්මාණ අතර අධ්‍යයනය කළ යුතු සුවිශේෂ අංගවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017