සමාස පද
 

සමාස පද
අර්ථ හා ශබ්ද වශයෙන් වෙන්වූ පද කිහිපයක්‌ ගළපා එක පදයක්‌ සාදාගැනීම මෙනම් වේ.

නිල් උපුල් වන් ඇස්‌ ඇත්තී - නිලුපුලැසි
අව්‍ය සමාසය : අනුරූ, යාවජීව, දුගුණ, සුචරිත, උපදේශ, උපප්‍රධාන, උපැස්‌, අකුසල්, උපමේය, අකටයුතු

කර්ම විභක්‌ති (රූප) සමාසය
මුල පදය කර්ම විභක්‌ති එනම් කර්ම රූපී වේ.
වැඩ කරනුයේ = වැඩකරු (වැඩ කරනුයේ)
ගත්+කරු = ගත්කරු (ගත් කරනුයේ)
ගො+පලු = ගොපලු (ගවයන් පාලනය කරන්නේ)
මුසා+වාදී = මුසාවාදී (මුසා කියනුයේ)
දිවා+කර = දිවාකර (දිවා කරනුයේ)

කතෘ විභක්‌ති සමාසය
මුල පදය කතෘ විභක්‌ති එනම් කතෘ රූපී වේ.
යක්‌+කම් - යක්‌කම් (යකුන් විසින් කල කම්)
ගුරු+උපදෙස්‌ -ගුරුපදෙස්‌ ( ගුරුන් විසින් දෙන උපදෙස්‌)

කරණ විභක්‌ති සමාසය
අත්+කම් - අත්කම් (අතින් කරන කම්)
මැටි+බඳුන් - මැටිබඳුන් (මැටියෙන් කල බඳුන්)
ලී+බඩු - ලීබඩු (ලීයෙන් කල බඩු)

සම්ප්‍රදාන විභක්‌ති සමාස
සම්ප්‍රදාන විභක්‌ති පදයක්‌ මුලට යෙදී සමාස වූ විට සැදේ.

බුදු+පුද - බුදුපුද (බුදුන් පුදනු පිණිස)
දෙව්+ආල - දේවාල (දෙවියන් සඳහා වූ ගෘහ)
ගව+මඩු - ගවමඩු (ගවයන් සඳහා කළ මඩු)

අවධි චිභක්‌ති සමාසය
අවධි විභක්‌ති පදයක්‌ මුලට යෙදී සමාස වූ විට සැදේ.
දෙව්වරම් - දෙවියන් ගෙන් ලත් වරම්
රාජභය - රජුන්ගෙන් වන භය
මිහිදුම්- මිහියෙන් නැගෙන දුම්

සම්බන්ධ විභක්‌ති සමාසය
බුදුගුණ - බුදුන්ගේ ගුණ
මව්ගුණ - මවුන්ගේ ගුණ
බිඟුසර - බිඟුන්ගේ හඬ
රාජාභරණ - රජුන්ගේ ආභරණ

අලුප්ත සමාසය
නරනිඳු, ඛල්ලාටනාග, ඉබ්බාගල

විශේෂණ සමාස
සුදුමල, නිළුපුල්, මල් පොකුර, උස්‌ ගස
දුටුගැමුණු රජ, ගුත්තිල ඇදුරු, මහාචාර්ය පරණවිතාන
නර සී (සිංහයකු වැනි නර)
තුන්ලොව, දසප්‍රයාම, සූවිසි විවරණ
වන්නම් දහ අට, හීන හත, මාල හත

අන්‍යාර්ථ සමාස නම් එකතු කල කල්හි වෙනස්‌ තේරුමක්‌ දෙන පදවේ.
දසබල - බුදුන් වහන්සේ
සිව්පා
මින්දද - අනංගයා
බරනෙත

දකරාර්ථ සමාසය
විවිධාර්ථවත් පද දෙකක්‌ හෝ කීපයක්‌ සමුච්චයාර්ථ නිපාතයකින් එනම් ද, හා, ත් මගින් සම්බන්ධ වූකල පද ගැලපීම මෙනමි.
ඉර ද සඳ ද - ඉරසඳ
ඉර ත් සඳ ත් වැඳලා - ඉරසඳ වැඳලා
ඉර හා සඳ හා පෙනේ- ඉරසඳ පෙනෙත්.
බත ද බුලත ද = බතබුලත
අඹු ද සැමි ද = අඹුසැමි
ඇළ ද දොළ ද ගංඟා = ඇළ දොළ ගංඟා
අත්ද පා ද = අත්පා

දෙවි ගණද මිනිස්‌ ගණද = දෙව්මිනිස්‌ ගණ
ගිරා කැළද මලිති කැළද = ගිරා මලිති කැළ

(c) Shilpa Sayura Foundation 2006-2017