රිද්මයානුකුල චලන යනු තාලයකට නොයෙදෙන චලන බව අපි දනිමු. තාලයකට නොයෙදෙන නිසා නිදහස් ලෙස චලන නිර්මාණය කරගත හැකිය. කැමති ආකාරයක චලන රටාවක් ඉදිරිපත් කිරීමට නිදහස ඇත.
ප්රචලිත බොහෝ ගීත තරමක් දුරට හෝ තාලානුකූල ලක්ෂණ පැහැදිලි වන බැවින් රිද්මයානුකූල චලන සඳහා ගීත හඳුනා ගැනීමේ දුෂ්කරතාවයක් මතු වේ. මෙහිදී අප විසින් කළ යුතුව ඇත්තේ තාලානුකූල බවට වඩා රිද්මයානුකූල බවට ළංවන ගීත ඒ සඳහා තෝරා ගැනීමයි. ගීතයට හොඳින් සවන් දෙන්න. ගීතය ගායනය කරන්න. තාලානුකූල ලක්ෂණ අමතක කර ගීතයේ රිද්මය සැලකිල්ලට ගෙන නර්තන නිර්මාණය කරන්න.
ඔබ විසින් කළයුතු අනෙක් කාර්යය වන්නේ රිද්මයානුකූල චලන සඳහා සුදුසුයැයි ඔබට හැඟෙන ගීත රැස්කර ගැනීමයි. රිද්මයානුකූල චලන සඳහා යොදාගත හැකි ගීත කිහිපයක් පහත දැක්වේ.
* නිල් මහනෙල් මල් පිපුණා (අමරදේව)
* සිරිපා පියුමේ රොන්සුනු තැවරේ (අමරදේව)
* සිනිඳු සුදු මුදු තලාවේ (අමරදේව)
* පිළේ පැදුර හේනට අරගෙන යනවා (අමරදේව)