සරළ උදාහරණයක් මගින් මෙය පැහැදිලි කර ගනිමු. පහත සඳහන් කවිය බලන්න.
උතුම් බුදු රුවණේ
ලොව්තුරු දහම් සරණේ
සමඟ සඟ සරණේ
සදා නමදිම් මෙතුන් සරණේ
මෙම කවිය තාල තබා කිව හැකිදැයි බලන්න. එය තාල තබා ගායනය කළ නොහැකි බව ඔයට වැටහෙන්නට ඇත. එය තාල තබා ගායනය කළ නොහැක්‌කේ ඇයි ? අපි එය විශ්ලේෂණය කර බලමු.

මෙහිදී එක් පසෙකට තුනේ ගොඩවල් දෙකක් යෙදෙන අතර අනෙක් පැත්තට යෙදෙන්නේ එක් ගොඩක් පමණි. ඒ අනුව එකී පාදය සමමිතික නොවන නිසා මාත්‍ර තුනේ තාලය අනුව ගායනය කළ නොහැකි වේ. එහි ඇති අනෙකුත් පද මාත්‍රා තුනේ ගොඩවල් වලට බෙදිය නොහැකිය. මෙකී මාත්‍රා විෂමතාවයත්, අසමමිතික බවත් නිසා මෙය තාලානුකූලව ගායනා කළ නොහැකි ය. තාලයට ගැයීමට නම් කවර හෝ ගායන උපායක් මගින් අඩුතැන් පුරාවාගෙන පාද හතරම සමමිතික වන මාත්‍රා සංඛ්‍යාවකට රැගෙන ආ යුතුය.
එසේ බෙදාගත් විට මාත්‍රා තුනේ ගොඩවල් දෙකක් එක් පැත්තකට එන අතර ඒ හා සමාන ගොඩක් අනෙක් පැත්තෙත් ඇත. මෙහිදී සමබරතාවයක් පවතින නිසා තාල තබා ගායනය කළ හැකිය. නමුත් මෙම ගායනා දෙකේම රිද්මයක් ඇත. රිද්මයක් යනු කිසියම් රටාවකි. තාලයක් යනු සමමිතික රටාවක් වන අතර රිද්මයක් යනු අසමමිතික රටාවකි.
මෙය අපි චලන ක්‍රියාවක් මගින් ද තහවුරු කර ගනිමු. සුළඟට සෙලවෙන ගසක් දෙස බලන්න. එය සුළඟින් එක් පැත්තකට නැමෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අනෙක් පැත්තටත් නැමේ යැයි සිතිය හැකි ද?. එය සමහර විට සුළඟේ දිසාව වෙනස් ව අනෙක් පැත්තට ආපසු නැමෙනු වෙනුවට වටේට කැරකැවිය හැකිය. එහි චලන රටාව චිත්‍රයට නගා බලතොත් එහි සමමිතියක් නැත. සමමිතියක් නැති නිසාම තාලයක් නැත. මුහුදු රළ නගින බසින ආකාරය බලන්න. එක් රළක් ලොකුවන අතර අනෙක් රළ කුඩාය. ඒවා වෙරළේ පෙරළී ආපසු එන්නේ එකම කාල වේලාවක් තුළ නොවේ. එබැවින් ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව තාල තැබීමක් කළ හැකි නොවේ. එහි රටාවක් ඇත. නමුත් එම රටාව සමමිතික නැත. සමමිතික නොවම නිසා එහි ඇත්තේ තාලයක් නොවේ. රිද්මයක් ඒ අනුව එය රිද්මයානුකූල චලනයකි.
ඔරලෝසුවේ බට්‌ටා (අවලම්බය) දෙපසට වැනෙන ආකාරය නිරීක්‌ෂණය කරන්න. එය දෙස බලාගෙන තාල තැබිය හැකිය. එයට හේතුවන්නේ නිශ්චිත කාලයක් අනුව එය එසේ සිදුවීමයි. එක් පසෙකට දෝලනය වූ ප්‍රමාණයට අනෙක් පැත්තටත් දෝලනය වෙයි. එවිට දෝලනය සමමිතික වෙයි. සමමිතික රටාවක් එහි ඇති නිසා එයට තාලයක් ඇත.
ඒ අනුව තාලානුකූලව චලනයක් සහ රිද්මයානුකූල චලනයක් අතර ඇති වෙනස ඔබට තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙන්නට ඇත.
තාලානුකූල චලන වලට උදාහරණ
* අශ්වයෙකකුගේ ගමන
* ඔරලෝසු බට්‌ටා ගේ දෝලනය
* හාවෙකකුමෙන් පැනයාම
* හමුදා භට පිරිසකගේ ගමනාචාරය.
රිද්මයානුකූල චලන සඳහා උදාහරණ
* ගසක චලනය
* මුහුදු රළ
* වැස්‌ස
* දොළපාරක ගලායෑම