අද්‍යතන ප්‍රසංග වේදීකාවේ මෙන්ම රූපවාහිනියේ ද, ගීත අනුව කරනු ලබන නර්තන ජනප්‍රිය කලා අංගයකි. මෙය ලෝකයේ සෑම රටකටම පොදු නව ප්රවණතාවයකි. ගීත අනුව කරන නර්තන කලාවට දීර්ඝ ඉතිහාසයක් ඇත.
විශේෂයෙන්ම ඉන්දියානු නර්තනයන්හි ගීතය සහ නර්තනය අතර ඇත්තේ ඉතාම කිට්ටු සම්බන්ධතාවයකි. දැඩි බැඳීමකි. සම්භාව්‍ය වූත් දීර්ඝ ඉතිහාසයක් ඇත්තාවූත් ඉන්දියානු භාරත නාට්‍ය සම්ප්රදායේ දී ගීතයෙන් තොරවූ නර්තනයක් නොමැති තරමට අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගී ඇත. ඉන්දියාවේ මෙන්ම ශ්‍රි ලංකාවෙහි ද දේවාලවල දෙවියන් ඉදිරියේ ගීත කියමින් නර්තන කළ දේවදාසීන් සිටිබව පොත්පත්වල සඳහන් ය.
ප්‍රසංගික නර්තන කලාවේ අදිසි පුනරාගමනයත් සමඟම සෑම ගීතයක්ම නර්තනයකින් තොරව ප්‍රසංගික වේදිකාව මතට ගෙන යා නොහැකි තරමටම එකී රංග කලාව පේ්රක්ෂකයන් තුළට කා වැඳී තිබේ. එක් ගීතයක් නර්තනයෙන් එයට අලංකාරයක් හා වැඩි වටිනාකමක් හිමිකර ගන්නා අතර අනෙක් ගීතයක් නර්තනය යොදා ගැනීම නිසා නර්තනයයත්, ගීතයත් යන දෙකෙහිම වටිනාකම විනාශ කොට ගෙන තිබේ. ගීතයකට අනුව රංගනයේ යෙදීම යනු සුවිශේෂී කලාවකි. ගීතයත්, ගීතයේ ඇති අරුත හා සංගීත රටාවන් හොඳින් හඳුනාගෙන එයට ගැලපෙන සේ සැලසුම් සහගතව කරනු ලබන නිර්මාණයක් සාර්ථක නිර්මාණයක් බවට පත්විය හැකිය. නර්තන කලාව හදාරන්නවුන් වශයෙන් ඒ පිළිබඳව කවර හෝ අත්දැකීමක් ලබා සිටීම අපට ප්‍රයෝජනවත් වනු ඇත.
"සංචලන" යනු සෑම චලනයක්ම හඳුන්වන පොදු නාමයයි. සංචලන, තාලානුකූල චලන, රිද්මයානුකූල චලන, සහ අභිචලන යනාදී වශයෙන් ප්‍රභේද තුනකට වර්ග කළ හැකිය. තාලානුකූලව චලන යනු හුදු තාලය මතම පිහිටා නිත්‍ය කාල අන්තරයක් පවත්වාගත හැකි චලන විශේෂයකි. අභිචලන යනු කිසියම් අදහසක් ප්‍රකාශ වන චලනයි. අභි චලනයක්, රිද්මයානුකූල චලනයක් හෝ තාලානුකූල චලනයක් විය හැකිය. මෙකී සෑම චලනයක්ම ස්ථතික හෝ සංචාර වශයෙන් පැවතිය හැකිය. ස්ථිතික යනු එකම තැනක ඉඳ කරන චලනයකි.
සංචාර චලන යනු විවිධ ස්ථානයන්ට යමින් කරනු ලබන චලන වේ. පහත රූප සටහන මගින් "සංචලන" ප්රබේදයන් ගැන පැහැදිළිව තේරුම් ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇත.